පසුගිය සතියේ ජනපති තුමන්ගේ නිල වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හෙවත් වෙබ් අඩවිය හැක්වීම කාගේත් කතා බහට ලක්වූ සිදුවීමක් බවට පත්විය. මෙම සිදුවීම පිළිබඳව විවිධ පුද්ගලයන් විවිද අදහස් දැක්වූ අතර සමහරුන් මෙය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුර්වල කමක් ලෙස දැක්වීය. නමුත් www.president.gov.lk යනු මෛත්‍රීපාල සිරිසේනට හෝ මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික දේපලක් නොව එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති තනතුරට අයත් නිල වෙබ් අඩවියයි. එබැවින් මෙයට එල්ල වූ සයිබර් ප්‍රහාරය පුද්ගලික හෝ දේශපාලනමය වශයෙන් භාවිතා කිරීම සුදුසු නොවන බව කිව හැකිය.

මෙම හැකර් ප්‍රහාරයෙන් පැය කිහිපයකින් යලි වෙබ් අඩවිය යතා තත්වයට පත් කර ගැනීමට ජනාධිපති නව මාධ්‍ය අංශ නිලධාරීන්ට හැකියාව ලැබී ඇති අතර ඔවුන්ගේ උපකාරද ඇතිව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (CID) මෙයට සම්බන්ධ පුද්ගලයින් සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සමත් විය. මෙහිදී අත්අඩංගුවට පත්  මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසැල් සිසුවා පරිවාස භාරයට පත් කිරීමටත් 26 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ තරුණයා බන්ධනාගාර ගත කිරීමට ගරු අධිකරණය තීන්දු කළේය.

මෙම පුද්ගලයින් දෙදෙනා ඊයේ (02) දින අධිකරණයට ඉදිරිපත් කල අතර විත්තිකරුවන් ඇප ඉදිරිපත් කර තිබු අතර කරුණු සලකා බැලු ගරු අධිකරණය මොවුන් දෙදෙනා ඇප මත නිදහස් කිරීමට තීරණය කළේය.

වැදගත්ම සිදුවීම නම් මෙම නඩු තීරණය පිළිබඳ ජනාධිපති තුමන් හෝ ජනාධිපති මාධ්‍ය අංශය විසින් කිසිදු බලපෑමක් රහස් පොලිසියට හෝ අධිකරණයට සිදු නොකිරීම වන අතර යහපාලනය තුල නීතියේ ආධිපත්‍ය හා අදිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම ප්‍රත්‍යක්ෂ වීමකි.

මෙම සිදුවීම මෙසේ සිදු වුවද එදා රාජපක්ෂ පාලනය තුල මෙවැන්නක් සිදු වූවානම් මෙම සිසුවාට අත්වන ඉරණම පිළිබඳව සිහිපත් කිරීමත් මැනවයි සිතමි. දැන් මෙම සිසුවා නිදහස් කලයුතුයයි පම්පෝරි ගසනා විපක්ෂයේ සමහරක් එදා රාජපක්ෂවරු සමාජ ජාලා හා වෙබ් ක්‍රියාකාරීන් මෙන්ම මහින්ද රාජපක්ෂගේ වෙබ් අඩවිය හැක් කල පුද්ගයෙකුට දුන් වද හිංසා නොදන්නවා මෙන් කතා කිරීම ලජ්ජා සහගතය. එදා මෙවන් සිද්දි අධිකරණයට ගියේ සුළු වශයෙනි. ඒ ගිය නඩු සඳහාද නීතිය ක්‍රියාත්මක වුයේ රාජපක්ෂ වරුන්ගේ අණට කීකරුවය. එමෙන්ම සමහර දේවල් වලට දඩුවම් ලෙස ලැබුනේ පැහැර ගැනීම්, ගුටි බැට දීම් හා මරා දැමීම් වැනි අකාරයටයි.

මහින්ද පස්සේ යන අය හැසිරෙන්නේ එකල කිසිවක් සිදු නොවූ ගානටය. ඔවුන්ගේ පරාජයටද මේවා හේතු විය එය ඔවුන් දැනගත යුතුය.

මෙම හැක් කිරීම නීතියට අනුව  ඇත්ත වශයෙන්ම බරපතල වරදකි නීතිමය වශයෙන් එය එසේ නම් වරදකරුවන් කුමන තරාතිරමක අය වුවද ඔවුන් නීතිය ඉදිරියට පැමිණවිය යුතුය. ඉන් පසුව කරුණු සලකා බලා දඩුවම් දීම අධිකරණය සතු වගකීමකි එයට බලපෑම් නොකර සිටීම යහපාලනය රජයන පාලකයන්ගේ වගකීමකි. එදා රාජපක්ෂලා  ඒවා එසේ නොකලත්  අද යහපාලන ආණ්ඩුවක් රට කරවන නිසා අද ඒවා සිදුවෙයි.

කවුරු කෙසේ කීවත් තමන් මැරීමට පැමිණි කොටියා පවා නිදහස් කල මෛත්‍රී ජනාධිපතිතුමා තම සැබෑ මෛත්‍රිය විදහා දක්වමින් මෙම සිසුන් පිළිබඳවද යහපත්  පියවරක් ගනු ඇත.

අප එතෙක් බලා සිටිමු….

LEAVE A REPLY