• වී • බිත්තර • සහල් • තිරිඟු • කරඳමුංගු • කුරුඳු• කරාබුනැටි • සාදික්කා • වසාවාසි • ගම්මිරිස්•  පොල් • රබර් • ලේටෙක්ස් • පොල් • තේ• සහල් පිටි • පාන් පිටි • පාන් • ළදරු කිරි පිටි• දියර කිරි • පිටි කිරි • ඔෟෂධ නිෂ්පාදන සහ බෙහෙත්• ඔෟෂධ නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය• ආයුර්වේද ඔෟෂධ • ගුවන් යානා • හෙලිකොප්ටර්• ආයුර්වේද ඔෟෂධ නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය• මුතු • දියමන්ති • ස්වාභාවික හෝ සින්තටික්ඉතා වටිනා හෝ අර්ධ වටිනා පාෂාණ• දියමන්ති කුඩු • වටිනා ලෝහ • භූමිතෙල් • පොත්• රත්‍රන් කාසි • සුවඳ විලවුන්• බොර පෙට්‍රෝලියම් තෙල්

පසුගිය දිනක ජනාදිපතිතුමා හමුවීමට පැමිණි වෙළද සංගම්වල නියෝජිතයන් VAT සමග තමන්ට ඇතිවී ඇති ගැටළු වගේම රටේ ජනතාවට බලපා ඇති අහයපත් තත්වය ගැන කරුණු වාර්තාකිරීමෙන් අනතුරුව ජනපති විසින් අගමැතිට සහ මුදල් ඇමතිට දන්වා සිටියේ මෙයට පිලියමක් යොදන ලෙසයි.

ඒ අනුව, ජනපති උපදෙස් පරිදි රැස්වූ කැබිනට් මණ්ඩලය බදු සංශෝධනය කිරීමත් සමඟම අසාමාන්‍ය ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරන ලදී.

ඊට අදාළව ක්‍ෂණික ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් අනුමතය හිමි වූ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (06දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හෙළි කෙළේය.

ඒ අනුව අදාළ කටයුතු පිළිබඳව රජය විසින් ගනු ලැබූ ක්‍ෂණික පියවර පහත පරිදි වෙයි.
* ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත්, ඊට අදාළ අමාත්‍යවරුත්, එම විෂය පිළිබඳ කැමැත්ත දක්වන ඕනෑම ඇමැතිවරයකුට සම්බන්ධ විය හැකි විශේෂ කමිටුවක් පත් කිරීම.
* කමිටුව නිතර නිතර රැස්වීමටත් මූලිකව අවශ්‍ය පියවර ගැනීමට දිනපතා රැස්වීමටත් තීරණය කරන ලදී.

* මිල පාලනයකට යටත්ව ගැසට් කර ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ 15න් වැඩිපුරම භාවිත කරන භාණ්ඩ 10ක් සඳහා රජයෙන් සහනාධාරයක් ලබාදීමෙන් මිල තවදුරටත් පාලනය කිරීම.
* ඉදිරි දින හතරේදී එම භාණ්ඩ 10 ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ.
* අදාළ ගැසට් කිරීමේ කටයුතු සඳහා පාරිභෝගික අධිකාරිය යටතේ පොලිස් අධිකාරි කොට්ඨාස මට්ටමින් කාර්ය සාධන බළකායක් පිහිටුවීම.
* පාරිභෝගික අධිකාරියේ දැනට සිටින පැමිණිලි නිලධාරීන්ට අමතරව තවත් පැමිණිලි නිලධාරීන් 100ක් අනුයුක්ත කිරීම.

* සියලුම තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පොලිසිය හා ආරක්‍ෂක අංශවල සහාය ලබා ගැනේ.
* සතියකට දෙවරක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කෙරේ.
* විශේෂ දැනුවත් කිරීම සඳහා මුද්‍රිත මාධ්‍ය සහ ෆෝස්ටර් ව්‍යාපාරයක් යොදා ගැනීම.
* අදාළ පාලන මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි නොකරන වෙළෙඳුන් පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ වැඩපිළිවෙළක්.
* පැමිණිලි සඳහා නව දුරකතන අංකයක්.
රජය විසින් ගනු ලැබූ කඩිනම් පියවරක් වශයෙන් වැට් බදු නිදහස් කළ භාණ්ඩ 133ක් හා සේවා 21ක් මාධ්‍යවෙත ඉදිරිපත් කෙරුණු අතර ඒවා පහත පරිදි වෙයි.
භාණ්ඩ

* වටිනා ලෝහයන්ගෙන් යුතු ලෝහ පතුරු
* ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සහ ගුවන් යානා ඉන්ධන
* ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන
* නෞකා ඉන්ධන * ක්‍රීඩා උපකරණ
* රබර් හෝ ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා යොදා ගන්නා යන්ත්‍ර * අව් කණ්ණාඩි * මෝල්ඩින්ග් * ඡායාරූප සංවේදී අර්ධ සන්නායක උපකරණ * ඇස් කණ්ණාඩි හා කණ්ණාඩි රාමු නිෂ්පාදනය සඳහා වූ අමුද්‍රව්‍ය * කුකුළු, තාර ආදී කර්මාන්ත සඳහා වූ යන්ත්‍ර සූත්‍ර හා අමතර කොටස්
* ඉරන ලද ලී * ගෘහාශි්‍රත පරිභෝජනයට ගන්නා රෙදිපිළි * බවුසර් රථ * බුල්ඩෝසර් රථ * ගේ‍ර්ඩර් රථ
* ලෙවලර් රථ * එක්ස්කැවේටර් රථ * ගිනි නිවන රථ
* බලශක්ති පිරිමැසුම් නිෂ්පාදන සඳහා වූ අමුද්‍රව්‍ය

* ආනයනික පදම් නොකළ ලී කඳන් * අධි ප්‍රෝටීන හා අධි ශක්ති කෘෂි ආහාර * මුහුදු වැලි * දේශීය නිෂ්පාදිත හෑන්ඩ්ලූම් රෙදිපිළි * දේශීයව නිෂ්පාදිත පොල් තෙල්
* පොල් කෙඳි * වගා පැලට්ස් * වගා බෑග් * ඇඹරූ කෙඳි * පොල් ලෙලි * මැටි උළු * පිරිසැකසුම් නොකළ කෘෂි හෝ ධීවර නිෂ්පාදන * ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පිරිසැකසුම් නොකළ ඉස්සන් * ආනයනික වේවැල්
* දේශීයව සැකසූ කිරි නිෂ්පාදන * දේශීයව සැකසූ සහල් නිෂ්පාදන * දේශීයව නිපදවූ සීනි * තේ කර්මාන්තය සඳහා යොදාගන්නා දේශීයව නිපදවූ යන්ත්‍ර සූත්‍ර
* ශල්‍යකර්ම සඳහා යොදාගන්නා දේශීයව නිපදවූ ගෝස් * දේශීයව නිපදවූ ආභරණ * දේශීයව නිපදවූ වගා පැලට්ස් * දේශීයව සංවර්ධනය කරන ලද මෘදුකාංග
* දේශීයව නිපදවූ ජල හා සුළං බලාගාර යන්තේ‍රා්පකරණ හා මෙවලම් * දේශීයව නිපදවූ ටර්බයින
* දේශීයව නිපදවූ මැටි වළං නිෂ්පාදන * දේශීය වෙළෙඳපොළ සඳහා දේශීයව නිපද වූ රෙදිපිළි
* කෘත්‍රිම අත් පා * කිහිලිකරු * රෝද පුටු * ශ්‍රවණ උපකරණ * ශ්‍රවණ උපකරණ සඳහා මෙවලම් * සුදු සැරයැටි * බේ්‍රල් යතුරුලියන හා අමතර කොටස්
* බේ්‍රල් ලිවීමේ කඩදාසි හා බෝඩ් * කෘෂි ට්‍රැක්ටර් හෝ මාර්ගගත ට්‍රැක්ටර් * ජංගම දුරකතන * කෘෂි උපකරණ
* මෙමොටීස් * මුල්ලුව * පොහොර * ආටේමියා බිත්තර හා පීට් මොස් * කෘෂි බීජ * කෘෂි පැළ
* කූනිස්සන් පෝෂණ * ඉදිකිරීම් කර්මාන්ත සඳහා යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර * කිරි නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර

* පරිගණක සහ පරිගණක උපාංග
* රෙදිපිළි කර්මාන්තයට යොදාගන්නා මැෂින් නූල්
* හෑන්ඩ්ලුම් කර්මාන්තයට යොදාගන්නා වර්ණක
* සහල් මෝල් කර්මාන්තයේ යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර
* ඉස්සන්
* සූර්යකෝෂ මොඩියුල්, උපාංග හා සූර්ය කෝෂ නිවාස පද්ධති
* අධි තාක්‍ෂණික වෛද්‍ය උපකරණ

* ටිකට්පත් නිකුත් කරන යන්ත්‍ර නිෂ්පාදනයට යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර
* පෙට්රල්, ගල් අඟුරු හෝ තාර
* බේකරි නිෂ්පාදන සඳහා වූ ධාන්‍ය නිපදවීමට යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර හෝ මෙවලම්
* ලෙදර්, පාවහන් හෝ බෑග් නිපදවීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර හෝ මෙවලම්
* වාහන නළා
* ටැක්සි මීටර්
* කෘෂි යන්ත්‍ර සූත්‍ර සහ අමතර කොටස්
* ඉලෙක්ට්‍රොනික් උපාංග හෝ කොටස්

* සැහැල්ලු ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ටි්‍රකල් උපාංග
* පලතුරු බීජ
* විදුලි සන්දේශ උපකරණ
* විදුලි සන්දේශ කර්මාන්තය සඳහා වූ යන්ත්‍ර සූත්‍ර හෝ අධි තාක්‍ෂණික උපකරණ
* ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ දුම්රිය සඳහා භාවිත කරන අමතර කොටස් හා උපාංග

* ලොරි රථ
* ට්‍රක් රථ
* බස් රථ
* දේශීයව නිපදවූ ෆාම් තෙල්
* පදම් නොකළ දැව කඳන්
* ගුවන් යානා එන්ජින් හෝ ගුවන් යානා අමතර කොටස්
* පාවහන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සැකසූ ලෙදර්
* ඔෟෂධ හෝ ආයුර්වේද ඔෟෂධ ඇසුරුම් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය

* ගුවන් යානා ස්ටීම්යුලේටරයන් හා කොටස්
සේවා
* අධ්‍යාපන ආයතනයක් මඟින් නිර්දේශිත අධ්‍යාපන සේවා
* යම් පුද්ගලයකු හෝ හවුල්කාරිත්වයක් මඟින් නිර්දේශිත අධ්‍යාපන සේවා
* මහජන පුස්තකාල සේවා
* පොදු මගී ප්‍රවාහන සේවා
* විදුලිය හා බෙදාහැරීම්
* ආදාහන හා භූමිදාන අවමංගල්‍ය සේවා
* විදෙස් සංවිධාන මඟින් සෘජුවම අරමුදල් සැපයෙන භාණ්ඩ හා සේවා
* ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් මෙහෙයුම්
* විනිමය හුවමාරු

* ජීවිත රක්‍ෂණ
* අග්‍රහාර රක්‍ෂණය
* භෝග හා පශු සම්පත් රක්‍ෂණය
* සේයා පටල නිෂ්පාදනය සඳහා වූ රසායනාගාර පහසුකම්
* ඕනෑම ආකාරයක යාත්‍රාවක් සඳහා වූ සේවා
* ප්‍රති රක්‍ෂණ සේවා
* දේශීය දුරකතන සේවා සමාගම් වෙත බලපත්‍ර සැපයෙන සේවා
* පර්යේෂණ හා සංවර්ධන සේවා
* වාණිජ දෙපාර්තමේන්තු සේවා
* ඕනෑම ආකාරයක ජාත්‍යන්තර වැඩසටහනක් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් අනුමත විශේෂ සේවා
* ඒකකභාර කළමනාකරණ සමාගමේ සේවා
* ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම ක්‍රීඩකයකුට, ක්‍රීඩා සංවිධායකුට හෝ අනුග්‍රාහකයකුට සැපයෙන නවාතැන් පහසුකම් සේවා.

– දිලංක ගුණතිලක

LEAVE A REPLY