මේ දිනවල මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඒකාබද්ද විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ පාගමන පිලිබදවයි.පාගමන සංවිධානය කල අයනම් කියන්නේ එය ඉතා සාර්ථක බවත් එයට විශාල ජනකායක් සහභාගී වූ බවත්ය ඔවුන්ගේ සමහරක් කියන්නේ ලක්ෂ 20 ඉක්මවා ජනයා සහභාගී වූ බවය එහි නවතම සංක්‍යා ලේඛනය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සඳහන් කලේ කෝටි 2 කට අධික පිරිසක් මෙයට සහභාගී වූ බවයි…එයින් මනාව පෙන්නුම් කරන්නනේ එතුමියට රටේ ජනගහනය කොපමණද යන්න පවා අමතක බවයි. ජනතාව පාගමන් යන්නේ මෙවැනි අයට නැවත බලය ලබා දෙන්නද යන වග ජනතාවම කල්පනා කලයුතු තත්වයකි.

කෙසේ වෙතත් ජාතික බුද්ධි අංශ වාර්තාවට අනුව පා ගමන සමග අවසන් දිනයේ කැළණි පාලම හරහා පැමිණි ජනතාව 9000ක් පමණ බවත් රැලියට 13000ක් පමණ සහභාගී වූ බවත් සඳහන් මෙම පාද යාත්‍රාව ආරම්භයේදී ඒකාබද්ධ විපක්ෂය කරුණු 7ක් මුලික කොටගෙන ජනතාවට ඇති වී තිබෙන ගැටළු සදහා රජය වග කිවයුතු බැවින් මෙම ආණ්ඩුව පෙරලිය යුතු බවත් එයට ජනතාවට එකතුවන ලෙසත් ආරාධනා කර සිටියා.

එම ප්‍රධාන කරුණු ලෙස ඔවුන් දැක්වුයේ ව්‍යවස්ථා මරඋගුලට, පුංචි ඡන්දය කල් දැමීමට, බදු බර ඉහල දැමීමට, විශේෂ යුධ අපරාධ අධිකරණයට, එට්කා ගිවිසුමට, ගොවි සහන කප්පාදුවට, දේශපාලන දඩයමට විරුද්ධවීම වැනි කරුණුය.

මහනුවරින් ජුලි 28 පාගමන ආරම්භ විය ඒ මහනුවර ගැටඹේ විහාරය අසලදීය. එය ආරම්භ වී සුළු මොහොතක් යනවිට පාගමන කෙසේ වෙතත් එයට පැමිණි පිරිසක් මාර්ගයේ පැමිණි ගිලන් රථයකට පහරදීමට තැත්කරනු සමාජ් ජාල මාධ්‍ය වාර්තා කළේය එහිදී එම ගිලන්රතයේ රෝගීන් නොසිටි බව එම පිරිස සඳහන් කලද එලෙස පහරදීමට ඔවුන් නීතිය අතට ගත්තේ කෙසේද යන්න ගැටලුවකි. සමහර විට එම පිරිස නුවරින් කොළඹ ආවේ ආණ්ඩුව පෙරලීමට නිසා ඔවුන්ගේ ආණ්ඩුව තුල එවැනි ගනන්කාරකම් වලට ඉඩ ඇති නිසාත් එසේ කළා විය හැකිය.  නමුත් එම චන්ඩි පිරිස මේ වනවිට අත් අඩංගුවට ගනිමින් පවතින්නේ රටේ සිවිල් නීතියට් අනුව මිස එක එක්කෙනාගේ සුදුවෑන් පොලිසිය මගින් නොවන බව සැමදෙනාම දැනගත යුතුය.

මෙලෙස ඉදිරියට ඇදෙන පා ගමනේ සජීවී විකාශනය නාමල් රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ හා එම විකාශයම මහින්ද රාජපක්ෂ කු.පා. මන්ත්‍රී තුමාගේ පිටුවේ විකාශය වුයේ පා ගමන සම්පුර්ණ මෙහෙයවීම සිදු කරන්නේ නාමල් රාජපක්ෂ බව හගවමින්ය. ජනතාවට ඇත වනමින් සිනා සෙමින් ළමයින් වඩා ගනිමින් නටමින් කෑ ගසමින් සටන් පාට කියමින් නාමල් ගමන් ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර විදිමින් යන නළුවෙක් යන ගානටය. ඔහු පසුපසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පැමිණියත් ඔවුන් පාගමනේ ඉඩ කඩ සදමින් පිරිස හසුරවමින් නාමල්ට ආවතේව කරුවන් ලෙසින් ගමන් ගත්තේය.

එසේ ගමන් ගත් පා ගමන තුල ආරම්භයේදී ඉහත දැක්වූ පාගමනේ අරමුණු සටන්පාට කියමින් ඒවාට සරිලන බෝඩ් ලෑලි උස්සාගෙන ජනතාව සමග ජනතා නියෝජිතයෝ ගමන ආරම්භවිය. නමුත් එම සටන්පාට හදිසියේ වෙනස්විය ගමන ඉදිරියට ඇදුනේ එකිනෙකට නොගැලපෙන සටන්පාට හා බෝඩ් ලෑලි සමඟය.

ජනතාවට සහන සලසන ජනතාවාදී සටන් පාට වෙනුවට ඇසුනේ

“කාගේද මේ බලවේගේ”  

“මහින්දගේ බලවේගේ”

මෙසේ ඇසුණු සටන් පාටයන්ද ටික දුරක් ගොස් මාවනැල්ලට ලං වනවිට වෙනස් විය  මීලගට ඇසෙන්නේ

“කාගේද මේ බලවේගේ”

“නාමල්ගේ බලවේගේ”

පා ගමන ආරම්භක දවසෙම වෙනස්වූ මෙම සටන් පාට අතර ආණ්ඩුවට, අගමැතිට, ජනපතිට කුණුහරුපෙන් බනිමින්ද, එක් එක් බයිලාවන් කියමින්ද නටමින් හා වෙරිමතින් ඒ මේ අත විසිවෙමින් යන්න වුන් අතර වැඩිපුරම කියවුනේ මෙම පා ගමන නාමල්ගේ බවයි…එමෙන්ම ජනතාවාදී හා ආන්දුවර එරෙහි සටන් පාට අතරින් පතර කියවුණත් මහජනතාව එයට උත්සාහ කලත් සමහර මන්ත්‍රීවරු තම තමන්ගේ පෞද්ගලික ප්‍රතිරුපයන් හදා ගැනීමට තැත් කලත් සියලුදෙනා පරයමින් නාමල් තමන් පොර වෙන්නට හැදු බව කාටත් හොදින් පැහැදිලිවිය.

නාමල්ගේ මෙම උත්සාහය පෙර සකස්කළ සැලසුමක් බව ප්‍රත්‍යක්ෂ වන්නේ හිටපු ජනපති වත්මන් කු.පා. මන්ත්‍රී  රාජපක්ෂ තාත්තාද විටෙන් විට පැමිණ නාමල් සමග කතාකොට යන්නට යාම තුලය. එයින්ද ඔවුන් තැත්කලේ මහින්ද රාජපක්ෂ සතු ජනතා කැමැත්ත තුල නාමල් පිම්බීමය.කෙසේ හෝ පාද යාත්‍රාව ජන සටනක් නොව නාමල් පිම්බීමේ සටනක් කොටගෙන නුවර සිට කොළඹට පැමිණ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ ප්‍රධාන කාර්යාලයටත් හු කියාගෙන මහා යැයි පම්පෝරි ගහන රථවාහන තදබදයක් ඇතිකරමින් ජනතාව රස්තියාදු කරමින් අවසන් විය.

ජනතාව රවටමින් කල මෙම පා ගමන ජනයා රැවටුවාය යන මතය අපට ප්‍රත්‍යක්ෂ වන්නේ අවසානයේ

පෙරලුන ආණ්ඩුවක් නැත

පාගමන නිසා ආනුවට කිසිදු බලපෑමක් නැත

රජයේ කිසිදු තීරණයක් වෙනස් වුයේද නැත

සිදුවූ එකම දේ මහජනයා රැවටීම පමණකි.

සුපුරුදු පරිදි ජනතාව රවටමින් රාජපක්ෂ වරු සැලසුම් කල මෙම නාට්‍යට ඒකාබද්ධ විපක්ෂයේ නළුවන්  සහාය ලබා දෙනවිට එහි නිෂ්පාදනයට පසුගිය රාජපක්ෂ සමයේ ජාවාරම් කර කොම්පැනි කාරයන් කෝටි ගණන් මුදල් සපයන විට ගෝත්‍රික ජනාතාව පිරිසක් කඩේ යනවිට තවත් මෝඩ චුන්ලා ටික චුන් කරමින් රාජපක්ෂලා තමන්ට එන වංචා දුෂණ චෝදනා රැල්ල ජනතාවට අමතක කරවමින්. නැවතත් බලයට ඒමේ පාරවල් කපා ගැනීමට උත්සාහ කරනා බව  මෙම නාටකයේ මීළඟ ජවනිකා ඉතිරි කොටස් අනාගතයේදී විකාශය වීමට නියමිතය.

එහි අවසන් අදියරේ එක් කොටසක මෙසේ තිබෙනු ඇත එනම් ජනතාව වෙනුවෙන් පාගමන් ගිය ජනතා නායකයා නාමල් රාජපක්ෂ මීලග ජනාධිපති කරවමු කියාය.

කෙසේ වෙතත් කොටන් අදින අලි පසෙක සිටින විට පෙරහරේ යන අලි ලකුණු දෑ ගන්නා කතාව සපත කරමින් පා ගමනට සහයෝගය දුන් අනෙකුත් සියලු මන්ත්‍රීවරු අමතකකරමින් නාමල් තමන් පොර වීමට ගත් මෙම උත්සාහය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් අතරද යම් විරසකයක් ඇතිව තිබෙන බවද නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදීද පෙන්නුම් කොට ඇති බව පැහැදිලි වෙයි.

නැවත රාජපක්ෂවරු මෙලෙස රගපාන්නේ ජනතා ආදරයට නොව තමන්ට අහිමි වූ බලය කෙසේ හෝ නැවත ලබා ගැනීමට හා ඔවුන් සිදුකට දුෂණ කටයුතු නැවත සුපුරුදු පරිදි නැවත සිදු කිරීමට බව සියලු දෙනා සිහි තබා ගත යුතුය….