හෙරොයින් ළඟ තබාගෙන සිටි විදේශීය ජාතිකයින් දෙදෙනෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 385ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙකු බව සඳහන්ය.

පකිස්ථානය හා මාලදිවයින අතර ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක කොටසක් ලෙස මෙය සැලකෙන බව ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.

එම කාර්යංශය විසින් සිදුකළ වැටලීමකදී අද අළුයම අදාළ මාලදිවයින් ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

සැකකරුවන් මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සඳහා යොමු කර ඇති බව සඳහන්ය.

LEAVE A REPLY