යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාවේ ඇති රටට අහිතකර යෝජනා පිළිබඳ අද (11) පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙත කරුණු දක්වන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මේ බව කියාසිටියේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයන් අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳ අප කළ කරුණු විමසීමකදීයි.

ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.