රටටම ආදර්ශයක් ගෙනෙන ආකාරයෙන් බදුල්ල ඌ ව මහා විද්‍යාලයේ ඉස්ලාම් සංගමය විසින් රාමලාන් උපවාසයේ නිරත විද්‍යාලයේ දරුවන්ට සහ මවු පියන්ට උපවාසයේ හැරීමේ ඉෆ්තාර් උත්සවයක් පසුගිය19 වැනිදා පවත්වනු ලැබීය.

ඌව මහා විද්‍යාලයේ විදුහල්පති ජයතිස්ස කරුණා මහතාගේ උපදෙස් මත ඉස්ලාම් විශය භාර ප්‍රධන ආචාරිනී තාජුඩීන් තස්ලිනා මහත්මියගේ මූලිකත්වයෙන් විද්‍යාලයේ ඉස්ලාම් දරුවන්ගේ මවුපිය දායකත්වයෙන් මේ වැඩ සටහන සංවිධානය කර තිබූ අතර ඌව විදුහලේ විදුහල්පති ජයතිස්ස
කරුණා සාගර මහතා ප්‍රමුඛ විද්‍යාලයේ ආචාර්‍ය මණ්ඩලයේ ද පූර්ණ සහයෝගය මේ සදහා ලබා දි තිබුණි.
මෙහි විශේෂත්වය වූයේ සමහර දේශපාලකයන් විසින් ජාතිවාදය අවුල වීමට වෙර දරණ මොහොතක ගෞරවණීය සංඝරත්නයේ සහ සියලු ආගම්වල නායකයන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ හින්දු හා ඉස්ලාම් ආගමික ධර්ම දේශනාවලට සවන්දීමටද ඉඩකඩ සලසා දෙමින් මෙවැනි ඉෆ්තාර් උත්සවයක් සංවිධනය කිරී තිබීම කාගේත් පැසසුමට ලක් විය
බදුල්ල ධර්මදූත විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති කරගොල්ලේ පඥාතිස්ස හිමියන් සහ රිදීපාන පේච්චි අම්මන් දේවලයේ පුජක ආර්.පී කර්ගුරුක්කලි පුජකතුමන්ලා මෙහි ධර්ම දේශනා පැවැත් වූ අතර ප්‍රධාන ඉස්ලාම් පූජක අල්හාජ් රිකාස් මවුලවි තුමන් විසින් ඉස්ලාම් ආගමික වතාවත් සිදු කළහ.

මේ උත්සවයේදී 6 වන ශ්‍රේණියේ දරුවෙකුගේ මවක් විද්‍යාලයට විදුලි පංකා යන්ත්‍රයක් ද පරිත්‍යාග කරන ලදී
ඌව මහා විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් සිදු කරන වැඩසටහනක් වශයෙන් ද මේ ඉෆ්තාර් උත්සවය පැවැත් වුණි