මේ දිනවල සමාජ ජාල තුල ප්‍රචාරය වන උණුසුම් පුවතක් වන්නේ ලංකාවට ගෙන්වූ ලම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධවයි. ඒ පිළිබඳව ප්‍රචාරය වන පුවත් අප වෙබ් අඩවියද මිට පෙර (රාජපක්ෂලාගේ Lamborghini සෙල්ලම යලිත් කරලියේ.. කුමාරවරුන් සහ හමීඩ්ලාගේ මනී ලොන්ඩරිය (Exclusive / Video & Photos) – අඬහැර) වාර්තා කරනු ලැබුවේ එම පුවතේ යම් සතයක් ගැබ්ව ඇති බවට වාර්තා වූ බැවින්. නමුත් අප විසින් පලකල පුවතේ යම් අතපසුවීමක් සිදුවී ඇති බව හැඟී ගිය බැවින් අපවිසින් අදාල සමාගමට හෝ යම් පුද්ගලයකුට එමගින් සිත් තැවුලක් සිදුවී ඇත්නම් එයට කණගාටුව අප වෙබ් අඩවිය පළකර සිටිනවා.

නමුත් දේශපාලනය පිටින් දමා මේ පුවත් ප්‍රචාරණය කිරීම තුල ඇති සත්‍ය අසත්‍ය භාවය මේ වනවිට හෙළිවෙමින් පවතිනවා. සැබවින්ම මේ මෝටර් රථය ලංකාවට ගෙන්වා ඇත්තේ රටේ ප්‍රභූ පුත්‍රයකු නොව Bavarian Motors Pvt Ltd නමැති සමාගමක් විසින් බව අප අනාවරණය කරගනු ලැබුවා.

එය නිවරදි විය යුතුය ඒ සම්බන්ධ ලිය කියවිලි අප වාර්තාකරුවන් වෙත ලැබී ඇති අතර ඒවා අනුව මෙම රථයට සියලු තීරුබදු අදාළ ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුවට ගෙවා ඇති බව පෙනියනවා. අදාල මොටරතය ගේනවා තිබෙන්නේ අංක 171 හැවුලොක් පාර කොලබ 5 යන ලිපිනයේ එග්සොටික් කාර් සමාගමයි (EXOTIC CARS PVT LTD ) රෙගු දෙපාර්තමේන්තුව සමග අප කල සොයා බැලීමකදී අදාල ලියකිවිලි සත්‍ය බව අප හට තහවුරු විය.

කෙසේ වෙතත් මෙම රථය ආනයනය කරනු ලැබූ සමාගම මේ වනවිට මෙම අසත්‍ය පුවත නිර්මාණය කර සමාජ ජාල තුල ප්‍රචාරය කල යට විරුද්ධව කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ටාශය (CID) හමුවේ පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධව පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි .

අදාල ලම්බෝ ගිනි මොටර් රථය EXOTIC CARS PVT LTD සමගම ආනයනය කර තිබියදී රටේ ඉහල පැලැන්තියේ ප්‍රභූ වරුන්ට හා ව්‍යාපාරිකයන්ට අධි සුකොපභෝගී මෝටර් රථ ගෙන්වන ප්‍රමුඛ පෙලේ සමාගමක් වන Bavarian Motors Pvt Ltd සමාගම සතු කීර්ති නාමය පලුදු කිරීමට හෝ එහි හිමිකරුවන්ගෙන් කප්පම් ලබා ගැනීම උදෙසා මෙය පුවත නිර්මාණය  කරනු ලැබු ඇති බවට මුලික පරීක්ෂණවලින් අනාවරණය වි ඇත

EXOTIC CARS සමගම පැවසුවේ මෙම මොටර් රථය කිසිදු පුගලයකු වෙනුවෙන් ආනයනය නොකළ බවත් කැමති ඕනෑම අයකු සදහා ප්‍රදර්ශනාගාරයට පැමිණ මෙම ලම්බෝගිනි රථය මිලදීගැනීමට හැකියාවක් අතිබවයි .

මේ පිලිබඳ සත්‍ය හෙළි කිරීමට අප සුදානමින් සිටිනවා

 

අප කිසිදු ආකාරයක පක්ෂග්‍රාහී පුවත් පල නොකරන අතර සැමවිටම සත්‍ය ඔබ හට ගෙන ඒමට අප බැදී සිටිමු… අප පළ කරන පුවත් සම්බන්ධයෙන් ඔබ හට යම් ගැටළුවක් හෝ අවිනිශ්චිත බවක් ඇත්නම් ඒ පිලිබඳ ඕනෑම අවස්තාවක අප හට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු… එමෙන්ම ඔබ සතුව පුවත් වටිනාකමක් ඇති තොරතුරු ඇත්නම් ඕනෑම විටක අපට එවන මෙන්ද ඉල්ලා සිටිමු… එය අප ඉතාමත් සාධාරණීය සහ ඔබගේ අනන්‍යතාවය රැකෙන පරිදි අපගේ වෙබ් අඩවියේ පල කිරීමට කැමැත්තෙමු…