අල්ලස් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට එම කොමිසම පියවරගෙන තිබේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් එසේ නඩු පවරා ඇති බව අප වාර්තාකරු කීවේය.

එහි වගඋත්තරකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර ඇති අතර ඊට හේතුවී ඇත්තේ පරීක්ෂණයකට අදාළව කටඋත්තරයක් ගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි කළ දැනුම්දීමක් ඔහු විසින් පැහැර හැරීම බව සඳහන්ය.

ඒ අනූව අල්ලස් කොමිසමේ 20 වැනි වගන්තියට අනූව වගඋත්තරකාර මන්ත්‍රීවරයා අධිකරණය හමුවට කැඳවා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා මෙන් පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බව අප වාර්තාකරු කීවේය.

මේ අතර සතොසේ සේවකයන් පිරිසක් නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා එල්ලවූ හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) ඇප නියම කර ඇත.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම පවරා ඇති නඩු පහෙන් එක් නඩුවක් සඳහා එක් අයෙකුට රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොවුන් නිදහස් කර ඇත.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව මෙලෙස ඇප නියමවූ අනෙක් දෙදෙනා වන්නේ සතොසේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ මොහොමඩ් සාෆීරු යන දෙදෙනාය.

LEAVE A REPLY