අල්ලස් පනතේ ”දූෂණය” නම් වරද සිදුකළැයි චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු සම්බන්ධ නඩුවේ චෝදනා සංශෝධනය පිළිබඳ නියෝගය අගෝස්තු 25 වැනිදා ලබාදීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ(14) තීරණය කළේය.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) සේවකයින් 153 දෙනෙකු සිය නිල රාජකාරියෙන් පරිභාහිර කටයුතුවලට යොදවා අතිකාල දීමනා වශයෙන් රුපියල් හාර කොටියකට අධික මුදලක් ගෙවමින් රජයට පාඩු කළැයි ඔවුන්ට එරෙහිව චෝදනා පවතියි.

නඩුවට අදාළව ඇප මත සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ෂේවියර් ප‍්‍රනාන්දු, සතොස හිටපු සභාපති පොන්නගේ එරාජ් පි‍්‍රයන්තා ප‍්‍රනාන්දු සහ සතොස හිටපු කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදින් මොහොමඞ් ෂාකීර් යන අය අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.