අභියාචනාධිකරණයට හොර වෛද්‍ය සහතික ලබාදෙමින්, අධිකරණයේ පෙනීසිටීම පැහැර හරිමින් සිටින බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්ඩංගුවට නොගන්නේ මන්දැයි රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ‘කොහෙද සර් ඥානසාරව අත්අඩංගුවට ගන්නෙ ? එයාව තියං ඉන්නෙ අපේ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහත්තයානෙ’ කියාය.

එකී ඇමතිවරයාට වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිස්පතිවරයා පවසා ඇත්තේ ‘ආණ්ඩුවෙ ලොක්කො එක එක්කෙනා එක්ක ඩීල් දාගන්නවා. අන්තිමට සේරම පව් යන්නෙ අපේ කරපිටින්. අපිට නිදහසේ රාජකාරි කරන්න ඉඩ දෙනව නං අපි දන්නවා කරන්න ඕන දේ’ යනුවෙනි.

කෙසේ වුවද පොලිස්පතිවරයා එකී ඇමතිවරයාට පවසා ඇත්තේ මහරගම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට සිදුවූ පහරදීම ‘ඉන්ෂුවරන්ස් කේස් එකක්’ කියාය. එහෙත් අදාල ගිනිතැබීමේ CCTV කැමරා දර්ශන එකී මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් ඇමතිවරයාට පෙන්වාදීමෙන් අනතුරුව ඇමතිවරයා පොලිස්පතිවරයාට පවසා ඇත්තේ එම පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඉන් අනතුරුව අද දිනයේ අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

උපුටාගැනීම infosrilanka