නීතිය සහ සාමය ඇමැති සාගල රත්නායක හෙවත් ‘ඩීල්ගල‘ නමැත්තා රටේ නීතිය අවභාවිතා කරමින් තමන්ට නීතියෙන් අවසරයක් නැති ආරක්ෂාවක් මහජන මුදලින් නීති විරෝධීව ලබා ගෙන තිබෙන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙළිදරව් වී තිබේ. 

මෙහි දැක්වෙන්නේ ඒ බව තහවුරු කරන සේයාරුවකි.

සාමාන්‍ය ඇමැතිවරයෙකු වන සාගල, අගමැතිවරයාගේ ආරක්ෂකයන් තම ආරක්ෂකයන් ලෙස මහජන මුදලින් විදේශ සංචාර වලටද රැගෙන ගොස් තිබේ. ඒ බව තහවුරු කෙරෙන මෙහි දැක්වෙන සේයාරුවේ රතු පැහැයෙන් ලකුණු කර ඇති දෙදෙනාම අනුයුක්ත වන්නේ අගමැති ආරක්ෂක ඛණ්ඩයටය. ඒ සාගල සමග ගිය විදේශ සංචාරයක දී ය.  මීට අමතරව සාගල රටේ මග තොට ගමන් කරද්දී පවා අගමැති ආරක්ෂකයන් සහිත රථ 6 ක් භාවිතා කරයි. 

ජීවිත තර්ජනයක් පිලිබඳ ආරක්ෂක කවුන්සිලය අනුමත කිසිදු වාර්තාවක් නොමැති නමුත් තමන් පෙළෙන හුදු ප්‍රදර්ශන කාමයට හෝ හීනමානයට හෝ  “නාරි මොටාලාගේ“ හිත සුව පිණිස හෝ එක එකපුද්ගලයන්ට මහජන මුදලින් හිතූ හිතූ ආකාරයෙන් ආරක්ෂාව සැපයීමට රටේ නීතියෙන් ඉඩක් නැත.

ජනාධිපති ආරක්ෂකයන් ආරක්ෂාව සැපයිය යුත්තේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට ය. අගමැතිවරයාගේ ආරක්ෂකයන් ආරක්ෂාව සැපයිය යුත්තේ අගමැතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට ය.

එසේ නොමැතිව මාතර අඩුම ජන මනාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ, රාජපක්ෂලා සමග ඩීල් දේශපාලනයේ යෙදෙන සාගලට අගමැති ආරක්ෂකයන් ගේ ආරක්ෂාව ලබා දීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. බලය අයුතු ලෙස භාවිතා කිරීමකි. ඇමැතිවරයෙකු සතු බලය අයුතු ලෙස භාවිතා කිරීම යනු සදාකාලිකවම ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි විය හැකි වරදකි.

මේ සම්බන්ධයෙන් රටේ ආරක්ෂාව බාර ජනාධිපතිවරයා තීරණයක් ගත යුතුය.

උපුටාගැනීම lankaenews