රාජපක්ෂ රෙජීමයේ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වරට රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කරද්දී යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය පිලිබඳ ඇමැති සාගල රත්නායක ගෝඨාභය සහ ඔහුගේ නීතිඥයන් සහ හිතවතුන් පිරිසක් රහසිගතව හමුවී කරන ලද සාකච්ඡාවක සියළු තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙළිදරව් වී තිබේ.

යහපාලන ආණ්ඩුවේ කුප්‍රකට ඩීල්දාසගෙන් පසුව නැගී ආ අලුත්ම ‘ඩීල්ගල‘ වී ඇත්තේ සාගල රත්නායක බව කණගාටුවෙන් වුව ජනතාවට හෙළිදරව් කළ යුතුය. අගමැතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වීමත්, පොලිසිය බාර නීතිය හා සාමය ඇමැතිවරයා වීමත් සාගල රත්නායක තම “ඩීල්“ සඳහා ඉහලින්ම අවභාවිතා කරමින් සිටී.

පොලිස්පති පූජිතගේ කුප්‍රකට ‘ඕකේ සර්‘ දුරකථන ඇමැතුම සාගල ද ‘ඩීල්ගලක්‘ බව ජනතාවට හෙළි කළ ප්‍රථම සාක්කිය විය.

ගෝඨාභය රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට පෙර ඒ සූදානම පිළිබඳ තොරතුරු ගෝඨාභයට හෙලිකරමින් සාගල රත්නායක ගෝඨා සහ ඔහුගේ නීතිඥයන් සහ හිතවතුන් පිරිසක් හමුවී ඇත්තේ ගෝඨා ප්‍රශ්න කළ දිනට සති කිහිපයකට පෙර දී එක්තරා රාත්‍රියක ය. ස්ථානය වූයේ ගෝඨාභයට ඉතාමත්ම හිතවත්, ඔහුගේ නීති කටයුතු සඳහා පෙනී සිටින, රටම දන්නා ‘අලියෙක්‘ තරම් නීතිඥයාගේ නිවසය. මේ ‘අලියා‘ නීතිඥ සංගමයේද උප ප්‍රධාන නිලයක් දරන අයෙකි. සාකච්ඡාව සඳහා ගෝඨා සමග 8 දෙනෙකු සහභාගී වූහ. සාකච්ඡාවේ පහසුකම් සපයන්නා මෙන්ම රහස්‍ය භාවය සැලසුම් කළ පුද්ගලයා වූයේ තවමත් සක්‍රීය රාජකාරියේ යෙදෙන යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් මහතන්තිල නමැත්තා ය. ඔහු එළියේ හිඳිමින් ආරක්ෂාව සහ රහස්‍ය භාවය සැලසුවා මිස සාකච්ඡාවට සහභාගී වූයේ නැත.

මෙකී ලුතිනන් කර්නල් මහතන්තිල යනු හමුදා බුද්ධි අංශය තුල සිටින ගෝඨාභයගේ ඔත්තු කරුවෙක් සහ ගෝඨාභය වෙනුවෙන් යටිකූට්ටුකම් කරන්නෙක් බව ලංකා ඊ නිව්ස් මීට පෙර 2015.ඔක්.10 වෙනිදා තරම් ඈත දිනයකදී “ගෝඨාගේ බ්‍රෝකර් ලුතිනන් කර්නල් මහතන්තිල“ මැයෙන් හෙළිදරව් කර තිබුනද වගකිව යුත්තන් එය කණකට වත් නොගත් අතර මේ වන විට ඔහු සාගල රත්නායක වැන්නන් පවා ගෝඨාගේ දැලේ සිරකර ගැනීමට දක්ෂ වී තිබේ.

සාගල රත්නායක ගෝඨා සමග කළ රහස්‍ය සාකච්ඡාව මෙන්ම  මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ නමුත් මෙතෙක් කිසිදු පරීක්ෂණයකින් තොරව ගැලවී සිටින ගාමිණී සෙනරත් සමග ද රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බව ද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. එකී සාකච්ඡාව කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පැවැති අතර ඊට රාජපක්ෂ රෙජීමයේ ‘දූෂිත කකුලක්‘ වූ ‘ටැක්සි අබේ‘ නමැත්තා ද සහභාගී වී සිටියේ ය.

රාජපක්ෂලා කළ වැරදි වල තරම නිසා ඔවුන්ට බලය අහිමි විය. 2010 දී පරාජය වූ සාගල රත්නායකට මෙවර මාතර ජනතාව 85772 ක් ඡන්දය දීම නිසා යාන්තම් පාර්ලිමේන්තුවට තේරී පත් විය. මෙම 85772 ක ජනතාව සාගලට ඡන්දය දුන්නේ රාජපක්ෂලා සමග ඩීල් දැමීමට නොවේ. වැරදි කළ රාජපක්ෂලාට දඬුවම් දීමට ය. වැරදි කළ වුන්ට වඩා වැරදි කළ වුන් රැකීම වඩාත් දරුණු වරදක් බව සාගල රත්නායක නම් දේශපාලන ‘නාරි මොටා‘ ට අවබෝධ කර දීමට ඔහුව විශ්වාස කර ඔහුට ඡන්දය දුන් මාතර ජනතාව පෙරමුණ ගත යුතුය.  

උපුටාගැනීම lankaenews