දූෂණ වංචා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම, නැවත දූෂණ වංචාවලින් තොරව රාජ්‍ය පාලනයට අවශ්‍ය පියවර ගැනීම ජනාධිපති වරයාගේත් අගමැති වරයාගේත් පරම වගකීමකි. මෙහි වැදගත්කම හා අවශ්‍යතාව ජනාධිපති වරයාට සිවිල් සංවිධාන වසරකට වැඩි කාලයක් තිස්සේ පෙන්වා දී ඇත. සිවිල් සංවිධාන නඟන හඬට ඇහුම් කන් දෙමින්, ඔවුන් පෙන්වා දෙන කරුණු කාරණ සලකා බලා ජනාධිපතිවරයා පොරොන්දු වූයේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට පියවර ගන්නා බවයි. කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා කිහිප වතාවක්ම උත්සාහ ගත්ත ද අගමැතිවරයා ඒ සඳහා නිසි සහයෝගයක් නොදක්වමින් කල් මරන අන්දම කනගාටුදායකය. අගමැතිවරයා කැබිනට් සංශෝධනයකට අකමැත්ත පළ කිරීමට හේතු ගණනාවක් පවතින බව පෙනේ. ඒ හේතු අතර ප්‍රධානතම හේතුව වන්නේ රාජපක්ෂ පවුලට රැකවරණය ලබා දීම බව පෙනී යයි. ඵලදායක අන්දමේ කැබිනට් සංශෝධනයක් සිදු වනවා නම් එහිදී නීතිය හා සාමය භාර අමාත්‍යාංශය තීරණාත්මකය. කවර අමාත්‍ය පදවියක් වෙනස් කළත් සාගල රත්නායකගේ අමාත්‍ය පදවිය වෙනස් කිරීමට අගමැතිවරයා එකඟ වන්නේ නැත. ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ අනුමැතිය අගමැතිවරයාට ලැබෙන්නේ ද නැත.

එහෙත් ජනාධිපතිවරයා මැදිහත්වී මුරන්ඩු තීරණයක් ගෙන හෝ සාගල ගේ අමාත්‍යකම වෙනස් කළ යුතුමය. එෆ්සීඅයිඩී එක දැනටමත් දිය කර හමාරය. රහස් පොලීසිය අධෛර්යට පත් කරන කටයුතු අපමණය. අගමැතිවරයා සිය අගසව් සේ සලකා කටයුතු කරන සාගල රත්නායක එළිපිටම රාජපක්ෂවරුන්ට හිතෛශීව කටයුතු කරන බවට තොරතුරු කීප වතාවක්ම අනාවරණය වී ඇත.

එමෙන්ම ඇවන්ගාඩ් එකට එළිපිට කඩේ ගිය අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ තමන් අධිකරණ ඇමති වී සිටින තාක්කල් රාජපක්ෂවරුන්ට නීතිය ක්‍රියාත්මක ඉමට ඉඩ ලබා නොදෙන බව කියන්නේ ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයගෙත් රෙදි ගලවමින්ය. දැනටමත් විජේදාස මැදිහත්වී රාජපක්ශවරුන්ට චෝදනා එල වී ඇති දූෂණ චෝදනා අඩංගු ෆයිල් රැසක් යට ගසමින් කටයුතු කරමින් සිටියි.

එමෙන්ම පොලිස්පතිවරයාද පෙන්වන්නේ බයිස්කෝප්ය. තමන්ගේ ප්‍රතිරූපය පෙන්වමින් ඔහු තනිකරම පොලිසිය දේශපාලනිකව දිය කර හැරීමට කටයුතු කරන්නේ රාජපක්ෂ නාටකයේ ප්‍රධාන චරිතයක් රඟ දක්වමින්ය.

රටේ ඉදිරි ගමන යහපත් කිරීම පිණිස මෙම වෙනස්කම් සිදුකිරීම ඉතා වැදගත් වනු ඇති බවට ජනතාව බලාපොරොත්තුවෙන් පසුවනවා.

පසුගිය පාලන සමයේ සිදුවූ බරපතල ගනයේ වංචා දුෂණ සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් සිදුකර ඇති විමර්ශනයන්ට අදාළ නඩු කටයුතු කඩිනම් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළකර ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග වලින් වාර්තා වෙනවා.

අගමැතිවරයා එසේ එකඟත්වය පළකර ඇත්තේ, දූෂණවිරෝධී කමිටු කාර්යාලය හෝ
FCID ය විසින් බරපතල මුල්‍ය අපරාධ කල රාජපක්ෂ පවුලේ කිසිවකු සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු නඩු පැවරීමක් සිදුකර නැතැයි ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී කල ආවේගශීලි චෝදනාවෙන් පසුවය.

පොලිසිය, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා නීතිපති දෙපාර්තමේන්තුව දැනට ඇත්තේ එජාපය යටතේ බව එහිදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, රාජපක්ෂ සමයේ දූෂිතයන් නීතිය හමුවට පැමිණවීමට තමාට එම ආයතන තුන්මසකට ලබාදෙන්නැයි කැබිනට මණ්ඩලයෙන් ඉල්ලා ඇති අතර, ඒ අවස්ථාවේදී කැබිනට් සාමාජිකයින් අත්පොලසන් දී ඊට ප්‍රතිචාර දක්වා ඇති බවද පැවසේ.

ඒ අනුව රාජපක්ෂවරු කලබව කියන වංචා දුෂණ සම්බන්ධයෙන් මෙන්ම, මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකර ඇති කියන වංචා හා දුෂණ සම්බන්ධයෙන් ද වහාම නඩු පැවරීමට ජනාධිපති හා අගමැති එකඟත්වයට පත්ව ඇත. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද චෝදනා එල්ලවී තිබේ.

එමෙන්ම කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා කිහිප වතාවක්ම උත්සාහ ගත්ත ද අගමැතිවරයා ඒ සඳහා නිසි සහයෝගයක් නොදක්වමින් කල් මරන අන්දම කනගාටුදායකය. අගමැතිවරයා කැබිනට් සංශෝධනයකට අකමැත්ත පළ කිරීමට හේතු ගණනාවක් පවතින බව පෙනේ. ඒ හේතු අතර ප්‍රධානතම හේතුව වන්නේ රාජපක්ෂ පවුලට රැකවරණය ලබා දීම බව පෙනී යයි. ඵලදායක අන්දමේ කැබිනට් සංශෝධනයක් සිදු වනවා නම් එහිදී නීතිය හා සාමය භාර අමාත්‍යාංශය තීරණාත්මකය. කවර අමාත්‍ය පදවියක් වෙනස් කළත් සාගල රත්නායකගේ අමාත්‍ය පදවිය වෙනස් කිරීමට අගමැතිවරයා එකඟ වන්නේ නැත. ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ අනුමැතිය අගමැතිවරයාට ලැබුනේද නැත.

කෙසේ වෙතත් මේ උණුසුම් කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අගමැතිවරයා හා ජනාධිපතිවරයා උඩුමහළට රැගෙන ගොස් ඔවුන් දෙදෙනා හා කතාබහ කොට,

”මෙහෙම ගියොත් අපි සේරටම වලපල්ලට තමයි යන්න වෙන්නෙ. ඒක නිසා අපි දැන් තීරණය කරන්න ඕනෙ වලපල්ලට යනවද ? ගොඩට යනවද ?’ යනුවෙන් රාජිත ඇමතිවරයා කී කතාවට නායකයන් දෙදෙනාම එකඟ වී ඇති අතර ඉදිරි සති දෙකක කාලය තුළ දැනට විමර්ශන අවසන් කර ඇති සුපිරි ගනයේ නඩු 10 ක් වහාම ඇරඹිය යුතු බවට තීරණය කර තිබේ.