තනියෙන් ආණ්ඩුවක් හදන්න රනිල් සුදානම් රට යන්න එපා, කොළඹින් පිට යන්න එපා, අගමැති එජාප මන්ත්‍රීවරුන්ට කියයි.

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී එජාපය විසින් තනිව ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සුදානම් බැවින් ඉදිරි දින කිහිපයේ කිසිම හේතුවෙන් නිසා රටින් බැහැර නොයන ලෙසත්, කොළඹ සිටින ලෙසත් එජාපය සිය මන්ත්‍රීවරුන්ට ඊයේ රාත්‍රී දැනුම් දුන්නේය. අර්ජුන් මහේන්ද්‍ර‍න් විසින් සියලු එජාප මන්ත්‍රීවරුන් වෙත පවසා ඇත්තේ ‘කිසිදු ලෙසකින් රටින් බැහැර නොයන ලෙසත්, කොළඹ රැදී සිටින ලෙසත්‘ ය.

එජාපයට තනිව ආසන 105 හිමි බැවින් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉතිරි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ලබාදීමට එකගත්වය පළ කර ඇති බැවින් අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ආණ්ඩුවක් සැදීම ඉදිරි දින 3 තුල සිදුවන බව ඊයේ ලබා දුන් දුරකථන ඇමතුම් මගින් ප්‍ර‍කාශ වී ඇත.

අද පෙරවරුවේ රනිල් වික්‍ර‍මසිංහ හා මලික් සමරවික්‍ර‍ම ජනාධිපතිවරයා හමුවී අවසන් වරට ද චරිත රත්වත්ත මහතා මහ බැංකු අධිපති ධූරයට පත් කළ යුතු බව අවධාරණය කරනු ඇත. අගමැතිවරයාගේ යෝජනාවට එකග නොවන්නේ නම් තමන්ට ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී වෙනම ආණ්ඩුවක් සෑදීම සිදු කරන බව අර්ජුන් දුරකතන මගින් එජාප මන්ත්‍රීවරුන්ට පවසා ඇත.

ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒ අනුව එජාපයට එක් වනු ඇත.

එජාපයට තනිව ආසන 105 ක් මේ වන විට හිමිව ඇත. තනිව ආණ්ඩුවක් පිහිටුවීම සදහා තවත් අවශ්‍ය වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 ක් පමණී.