පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩුවක් හදන්න බෑ – ජනතාව චන්දේ දුන්නේ ජනපතිට ආණ්ඩුවක් හදන්න

ඉදිරි මාස කිහිපය තුළ නව ආණ්ඩුවක් පිහිටවන බවට ඒකාබද්ධ විපක්ෂය සිදුකරගන යන ප්‍රචාරය පදනම් විරහිතව කරගන යන ප්‍රචාරයක් බව ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අද මාධ්‍යවේදීන් හට ප්‍රකාශ කර සිටිය. එතුමා මේ බව ප්‍රරකාශ කර සිටියේ මුදල් අමාත්‍යංශයේ අද පවතී මාධ්‍ය සාකච්චාවකට එක්වෙමිනි.

ඉදිරි වසර හතර හමාරක කාලයක් සඳහා මේ  ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත්වී ඇතිබවත් පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී  ආණ්ඩුවක් පිහිටවීමට කිසිදු පක්ෂයට ජනතාව ඉඩ නොතැබූ බවත් ආණ්ඩුවක් පිහිටවීමේ බලය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් හිමිවූ බවත් එසේ පිහිටවන ලද ආණ්ඩුව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති වරයාටද විසුරුවා හැරීමට තවත් වසර හතර හමාරක් එනම් 2020 වෙනකම් බලාසිටීමට සිදුවන බවත් එතුමා ප්‍රකාශ කර සටියේය.

පසුගිය මහ මැතිවරණයේදී බුලත් කොළයෙන් තරඟ කරන ලද තම එක්සත් ජනතා නිදහස් ස්නාධානයට හිමිවුයේ මන්ත්‍රී ආසන 90ක් පමණක් බවත් එයින්ද කොටසක් වෙනත් පක්ෂවලටද හිමි  බැවින් ශ්‍රී ල නි ප  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනක් පමණක් සහය දක්වන ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු වේ  ඔලු ගෙඩි මාරුකර නව ආණ්ඩුවක් පිහිටවීමට හැකිබව පැවසීම තමා දන්නා පරිනත දේශාපාලනය තුල විහිළුවක් බවත් ප්‍රකාශ කරන ලදී..