තමන් දරුණු සයිබර් ප්‍රහාරයකට ලක්වී ඇති බව ලොව පුරා ආයතන ගණනාවක් වාර්තා කරයි.යුක්‍රේනයේ රාජ්‍ය බලශක්ති ආයතනය, කිව් ගුවන් තොටුපල ඇතුළු එරට ආයතන ගණනාවක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බව මේ වන විට නිවේදනය කර තිබේ.

යුක්‍රේනයේ මහ බැංකුව ද ඊට ගොදුරු වී ඇත.ඊට ගොදුරු වූ අනෙකුත් ආයතන අතර ‘ඇන්ටනොව්’ ගුවන්යානා නිෂ්පාදන සමාගම සහ තැපැල් සමාගම් දෙකක් ද වෙති.

මෙම සයිබර් ප්‍රහාරයට ලක්වූ බවට මුලින්ම නිවේදනය කළ ආයතන අතර බ්‍රිතාන්‍යයේ සමාගම් කිහිපයක් ද වෙති.මෙය පසුගිය මාසයේ දී එල්ල වූ ‘කප්පම් සයිබර් ප්‍රහාරයට’ (ransomware ) සමාන ප්‍රහාරයක් විය හැකි බවට ඇතැම් විශේෂඥයෝ අනතුරු අඟවති.

රුසියාවේ තෙල් සමාගමක් සහ ඩෙන්මාර්කයේ නාවික සමාගමක් ද නවතම සයිබර් ප්‍රහාරයට ගොදුරුවී ඇති බව එම සමාගම් විසින් නිවේදනය කරනු ලැබ තිබේ.මෙම ප්‍රහාරයට ගොදුරු වූ අනෙකුත් රටවල් අතරට ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ප්‍රංශය සහ එක්සත් ජනපදය ද වෙති.

මෙම සයිබර් ප්‍රහාරය ලංකාවේ ප්‍රධාන පෙලේ සමාගම් දෙකකක්ද ඉලක්ක කරගෙන ප්‍රහාල එල්ල කර ඇති බව දැනට වාර්තාවන අතර එයට සාර්ථකව මුහුණදීමට එම ආයතන වල තාක්ෂණික අංශ සමත් වි ඇතිබව කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආයතනය පවසනවා.

ලෝකය පුරා මෙසේ පැතිර යන මෙම නවතම සයිබර් ප්‍රහාරය ඉන්දියාව ශ්‍රීලංකාව ඇතුළු දකුණු ආසියානු රටවලටද බලපෑම් කිරීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකාව තුල බලපත් නොමැති මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති භාවිතයත් ප්‍රතිවයිරස මෘදුකාංග නිසි ලෙස ස්ථාපනය නොකිරීමත් බව තොරතුරු තාක්ෂණ විශේෂඥයන් පෙන්වා දෙනවා.

එමෙන්ම නොදන්නා ඊමේල් පණිවුඩ සහ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පණිවුඩ විවෘත කිරීමෙන් වැළකීම හා පරිගණක භාවිතා කරන විටදී නොදන්නා පුද්ගලයන්ගෙන් පැමිණෙන සැක කටයුතු වීඩියෝ පණිවුඩ ආදියද විවෘත නොකරන ලෙසද මෙම සයිබර් ප්‍රහාරයෙන් වැළකීමට අවශ්‍ය පියවරයන් ලෙස පෙන්වා දෙනවා.

එමෙන්ම මෙවන් සයිබර් ප්‍රහාරයක් එල්ල වුව හොත් එය වහාම දැනුම් දෙන ලෙසට කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආයතනය පවසන අතර ඒ පිළිබඳව වැඩි විස්තර වෙබ් අඩවියට සම්බන්ධ වීමෙන් ලබාගැනීමට හැකියි!
http://www.slcert.gov.lk/

මේ සම්බන්ධව ෆේස්බුක් ආයතනය අනතුරු හඟවා තිබුනේ මෙලෙසින්.


අවධානමට පෙර සුදානම් වන්න මෙම පුවත Share කර අනෙක් අය දැනුවත් කරන්න…