ර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අතුරුදන්වීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

තමා අත්අඩංගුවට ගැනීම වලක්වමින් අපේක්ෂිත ඇප නියම කරන ලෙස ඉල්ලා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ඉදිරිපත් කළ පෙත්සමක් අද(05) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානී අමරසිංහ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එම ඉල්ලීමට  විරෝධය පළ කළ අතර  පෙත්සම්කරු අදාළ අස්ථි කොටස් ලොරියකින් රැගෙනයාම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු බව රජයේ නීතිඥවරයා දැනුම් දී ඇත.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වුව ද ඊට අදාළ තීන්දුව ලබන 09 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත.