දෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින තුර්කි විදේශ අමාත්‍ය මෙවුලට් කවුසෝග්ලු මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුුණගැසුණා.

ශ‍්‍රී ලංකාවේ කෙරෙන තුර්කි ආයෝජන වැඩි කිරීමට එහිදී දීර්ඝ වහයෙන් සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. දෙරට අතර දේශපාලන හා සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ තුර්කි විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා.

LEAVE A REPLY