අලුත් අධ්‍යක්ෂ ජෙනරාල් හෙට පත් කිරීමට නියමිතයි. අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරිය ජනාධිපති ලේකම් තුමාට ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන ලදී. ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයාගෙන් ලේකම් තුමා කරන ලද විමසීමකදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ එම ඉල්ලා අස්වීමේ ලිපිය භාරගන්නා ලෙසයි.

පසුගිය දිනකදී අගමැති තුමා සහ ජනාධිපති තුමා හමුවූවිට දෙදෙනා සුහදව කතාකරමින් අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂිගේ හැසිරීම් සම්බන්ධව ජනාධිපතිවරයා පෙන්වා දි අත්තේ දුෂණ කොමිෂන් සභාවෙන් නඩු පවරන්නේ ඉතා දුර්වල ලෙස බවත් ඒ නිසා මෙමගින් ආණ්ඩුව සහ රජය ජනතාව ඉදිරියේ අපකීර්තියට පත්වන බවත්ය.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ගේ නඩු සියල්ල ගොනු කර ඇත්තේ ඉතා පහසුවෙන් අධිකරණයෙන් නිදහස් වන විදියට බවය.

මිග් ගනුදෙනුවේ නඩුව ගෙනයාමේ දී ගෝඨාභය නිවරැදීකරු වීමේ සම්භාවිතාව ඉහල මට්ටමක පවතී. දිල්රුක්ෂි නඩුව ගොනුකරද්දී ආවරණ ලිපියවත් සකසා නොතිබීම විමතියට කරුණකි. මුලික අඩිතාලමම සපුරා නොමැති අවස්ථාවක එම ලිපි කවරය තුල තිබු දත්ත අස්ථාන ගත නොවී තිබුණු මොහොතක කල් ඉල්ලන් උසාවියෙන් ලියුම ෆයිල් එකට ඇතුලත් කිරීමට අවස්ථාව ලබාදීමද වාසනාවකි.
D A රාජපක්ෂ ස්මාරකය හදන්න රජයේ මුදල් අරන් තිබෙන අතර  හමුදාවේ අය දලා හදලා තියෙන්නේ. ඒත් ඒ නඩුව තාම ෆයිල් කරලා නැ. ඒකට සාක්ෂි ගොඩාක් තියනවා. ඒත් දිල්රුක්ෂි ඒකට කල් ඉල්ලනවා. පහසුම නඩුවට කල් ඉල්ලන එක මටත් ප්‍රශ්නයක්. ඒක තමයි ප්‍රබල සාක්ෂි තියෙන්නේ ආණ්ඩුවේ සල්ලි ගත්ත ඒවට.
මහින්දානන්දගේ කේස් ඒකත් දුර්වලයි. ෆයිල් එක අවුල් නිසා මේවා විහිළුවක් වෙනවා. දිල්රුක්ෂි රේගුවේ අය ඇල්ලුවට මේවා කරන්නේ වෙන විදියට. ඒක බලන්න වෙනවා කවුද මේවගේ යට ඉන්නේ කියලා. මෙහෙම ගියොත් අපිට වෙන්නේ මුහුනදෙන්න බැරිවෙන එක .අපි මේවා ඉවරකරන්න ඕනේ.
ජනපති අගමැති මෙ ගැන කතා කරා. අපි බලමු. මෙහෙම කල්මරන්න දෙන්න බැ, අපි මේවා විසදමු. අගමැතිතුමාගේ මේ කතාවෙන් පසු කබීර් හෂිම් ඇමතිතුමා මාධ්‍ය ට ප්‍රකාශ කරේ අපි සිටිනෙත් ජනාධිපති තුමාගේ ස්ථාවරේ.
මේ කතාවෙන් අනතුරුව දිල්රුක්ෂි ගෙන් පරීක්ෂණ වාර්ත ගත කරුණු දිගින් දිගට විමසීමේදී දිල්රුක්ෂි එයට උත්රතදීමට අකමැති වී “මම ඉල්ලා අස්වෙනවා ” කියනලදී. මේ වන විට දිල්රුක්ෂිගේ පසුගිය කාලේ හැසිරීම ජනාධිපතිතුමා මෙන් ම අගමැති තුමාද සිටින්නේ අසතුටින්. ඇය රාජපක්ෂවරුන් සමග ඩිල් දාලා තියෙනවා. ඒකට ඇමැතිවරුත් ඉන්නවා.දිල්රුක්ෂි තමන්ගේ බොහො දේවල් එලියට එන්න ප්‍රථම ඉල්ලා අස්වී ආණ්ඩුවෙන් තමන්ට එන චෝදනා සමාජයට දේශපාලන බලපැම් ලෙස පෙන්වන්න උත්සහ කරයි.
දිල්රුක්ෂි ජනාධිපති වරයාට විරුද්දව මාධ්‍ය හමුවක් පවත්වන්න නියමිතයි. එසේ වුවහොත් එයට පිළිතුරු දීමට අගමැතිවරයා සුදානම් බවද ආරංචි අප වාර්තාකරු සදහන් කරයි.
දිල්රුක්ෂි සුදු චරිතයක් විදියට පෙනී සිට ලොකු කලු වැඩ ගොඩක් කරලා තියෙන්නේ. මේ නිසා ජනාධිපති තුමා දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගන්න ලදී. නව අධ්‍යක්ෂ ජනරාල් වරයා හෙට පත්කිරීමට නියමිතයි. යම් ලෙසක පත්කරන පුද්ගලයකු එම පත්වීම බාර නොගත්තහොත් ජනධිපතිවරයා ශිරාල් ලක්තිලක මහතා එම තනතුරට පත් කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබෙන්නේ.

LEAVE A REPLY