ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ගෙන ගිය වැඩ වර්ජනය වහාම අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සහ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද (12) සවස ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.

ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් 08 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර අදාළ ගැටලූ සාකච්ජා කිරීමට ද මෙහිදී වැඩිදුරටත් තීරණය කර ඇත.

ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිළධාරින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.