දූෂණ චෝදනාවක් එල්ලවුණ ඇමැති කෙනෙක් නිදොස්භාවය ඔප්පු කරන්න ඉල්ලා අස් වුණාට ආණ්ඩුව වැටෙන්නේ නැති බව මුදල් ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පවසනවා.

‘සරිලන නිවහනක උරුමය සැමට’ තේමාව යටතේ 2017 ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට එක්වෙමින් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ අදහස් පළකළා.

” දූෂණ චෝදනාවක් එල්ලවුණ ඇමැති කෙනෙක් නිදොස්භාවය ඔප්පු කරන්න ඉල්ලා අස්වෙනකොට සමහරු හිතනව ආණ්ඩුව වැටෙන්න යනව කියල. ඒකෙන් පෙනෙන්නෙ ආණ්ඩුව කොච්චර ශක්තිමත් ද කොයි තරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනව ද කියන එකයි.බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ. අපි පුංචි කාලෙ ඉඳල ඉගෙන ගත්තෙ සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියලයි. නැතුව සියලු බෞද්ධයෝ නිදුක් වෙත්වා කියලවත් සියලු සිංහලයෝ නිදුක් වෙත්වා කියලවත් නෙවෙයි”