“අපිට මෙයාල නිදහස් කරත් එකයි. නාමල් හිරේ ගිහිල්ලා ඇවිල්ලා එයාලත් එක්ක ඉඳල මට කිව්වා ඇයි මේ කට්ටියට නිදහස ලැබෙන්නේ නැත්තේ කියලා. එයාටත් මම කිව්වේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අධිකරණයක් ඉස්සරහ මේ නඩු තියෙන එක කියලා,ඒවා ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් ඕනෙ නම් ඉල්ලා අස් කර ගන්න. එහෙම නැත්නම් ඒවා ඉක්මන් කරන්න ඒ කට්ටියට හැකියි.”

මේ පසුගියදා දෙමළ ජනමාධ්‍යවේදීන් හා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබූ අදහස්ය.

තමන් බලයේ සිටියදී දෙමළ සිරකරුවන් පුනරුත්තාපනය කර නිදහස් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගේ නීතිවේදීන් ඉල්ලීම් කළ බවත්, ඒ අනුව ඔවුන් උසාවියට ඉදිරිපත් කළ බව ඔහු, එසේ නොකලේ නම් එම සිරකරුවන්ද මේ වන විට නිදහස්ව සිටීමට ඉඩ තිබුණු බවත් පැවසීය.

පසුගිය කාලයේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව දෙමළ සිරකරුවන් පුනුරුත්ථාපනය කොට නිදහස් කිරීමේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි මහින්ද රාජපක්ෂ පාර්ශවයේ පිරිස් දැඩි විරෝධතාවයක් එල්ල කලා ඔබට මතක ඇති. එහෙත් පෙරේදා දිනයේ දෙමළ ජනමාධ්‍යවේදීන් හමුවේ පළ කරන ලද අදහස් දැක්වීම හරහා ගම්‍ය වන කරුණ නම් මීට පෙර රාජප්ක්ෂ ආන්ඩුව සහ ඊට පසු බලයට පත්වූ යහපාලන ආණ්ඩුව දෙමළ සිරකරුවන් පුනරුත්තාපනය කර නිදහස් කිරීමට ගත් තීරණය ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් සඳහන් කරන ලද අයුරින් දේශද්‍රෝහී ක්‍රියාවක් හෝ වැරදි තීරණයක් නොවන බව නොවේද..?

යුද්ධය අවස්සාන වීමත් සමග අත්තඩංගුවට පත්ව සිරගතව සිටින සිරකරුවන් අතරින් තවත් පිරිසක් නිදහස් කර හැරීමට රජය තීරණය කර ඇති බව වාර්තාවනවා. මෙසේ නිදහස් කර හැරීමට තීරණය කර අත්තේ පසුගිය යුධ සමයේ අත්තඩංගුවට ගෙන චෝදනා රහිතව රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති දමිල සිරකරුවවන් 23දෙනෙක් බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති පාරිලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මතතාද පසුගිය දිනක උතුරේ දමිල මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කරසිටියේ දැන් ඉතිරිවී ඇත්තේ දේශපාලන හිරකරුවන් පිරිසක් පමණක් බවත් ඔවුන් නිදහස් කිරීම වරදක් නොවන බවත්ය. තවද එතුමා අවධාරනය කර සිටියේ නාමල් රාජපක්ෂ මහතාද සිරගතව පැමිණි පසු දමිල සිරකරුවන් නිදහස් නොකිරීම පිළිඹදව තමන් සමග සාකඡ්චා කරබවයි.

මේ පිළිඹදව විමසීමේදී රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් ප්‍රකාශ කරසිටියේ මහින්ද රාජපක්ෂ මහතා නිවැරදි මාරග්‍යට පිවිසීම පිළිඹඳව තමන් සතුටු වන බවත් ඔහුගේ ප්‍රකාශයද සැලකිල්ලට ගෙන ඉහත සිරකරුවන් නිදහස් කරීමට රජය තීරණය කර බවත්ය

LEAVE A REPLY