රාත්‍රී සමාජ ශාලාවක සිට වැල්ලවත්ත ප්‍රදේශයට එමින් සිටි චීන ජාතික කාන්තාවක් සතුව තිබූ රුපියල් එක්කෝටි පනස්හතර ලක්ෂයක් පැහැරගෙන තිබේ. කොටුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ මෙම කොල්ලකෑම සිදුව ඇත.

මේ කොල්ලය සම්බන්ධයෙන් හලාවත සහ මීගමුව ප්‍රදේශයන් වල පදිංචි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකුද අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි.