හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා නව ආරක්ෂක ලේකම් ලෙස පත්කර තිබේ.

ඒ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගය.

මේ අතර නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

ඒ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකා ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනපති ලේකම් ලෙස පත්වීමෙන් හිස්වූ තනතුර සඳහාය.

නීතිඥයෙකු මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වශයෙන්ද රෝහිත බෝගොල්ලාගම මහතා කටයුතු කර තිබේ.