නානු ඔය පොලිස් ස්ථානාධිපතිවරයා  වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පොලිස් මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ.

අද (15) උදෑසන නානුඔය නගරයේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන කටයුතු පහසුවීම සඳහා අදාළ ස්ථානමාරුවීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

නානුඔය නගරයේදී පදික මාරුව හරහා ගමන් කරමින් සිටි පාසල් දැරියක නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් අද උදෑසන ජීවිතක්ෂයට පත්විය.

එයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් නානුඔය නගරයේ නොසන්සුන්කාරී  තත්ත්වයක් හටගැනුණි.

කෙසේවෙතත් මේ වන විට එම තත්ත්වය පාලනය කර ඇති බවත්,
ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් නානුඔය පොලීසිය කියා සිටියි.