සිත් ගන්න සිද්දියක් පොළොන්නරුවෙන් වාර්තා වේ. මෙලෙස සඳහන් කරමින් මඩ ගැසීමේ කොන්ත්‍රාත් කරන වෙබ් අඩවි කීපයක් ජනපති දියණියට සහ ජනපති පවුලට අපහස වන ආකාරයේ පුවතක් පල කරනු තිබෙනු දැක අප එහි ඇත්ත නැත්ත සොයා බැලුවෙමු.

ඔවුන් සඳහන් කල සිද්දිය සැකෙවින් මෙසේය.

පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනෙකු හිටි හැටියේ වෙනත් විද්‍යාලයකට ජනපති දියණියගේ මැදිහත් වීමෙන් මාරු කර යවා ඇති බවත්,එය සැලවූ ජනපතිවරයා අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට දොස් පවරා එම මාරු කර යැවීම අවලංගු කල බවත්ය.

ඇත්ත සිදුවීම අප සොයා බැලු කරුණු අනුව

පොලොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා විසින් පසුගිය දිනෙක අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කර පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකු බෙහෙවින්ම කරදරකාරී බවත් වහාම ඔවුන්ව පාසලෙන් මාරු කරන ලෙසත් දන්වා තිබේ.

එම නියෝගය ප්‍රකාරව ක්‍රියාත්මක වූ අධ්‍යාපන බලධාරීහු මෙම ගුරුවරුන් දෙදනාගේ මාරුවීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා වෙත යොමුකර තිබේ. පොලොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාගේ ඉල්ලීමක් නිසා වැඩිදුර කල්පනා නොකළ අමාත්‍ය අකිල විරාජ් මහතා  එම මාරුවීම අනුමත කර ගුරුවරුන් දෙදෙනා මින්නේරිය ජාතික පාසල වෙත යවා ඇත.

හිටි හැටියේ මෙම මාරුවීම ලැබීමෙන් කලබල වූ ගුරුවරුන් දෙදෙනා වහාම වෙලාවක් රැගෙන තමන්ගේ ගමේ මන්ත්‍රීවරයා වූ පොලොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා හමුවී තමන්ට සිදුවුණු අසාධාරණය දන්වා තිබේ.  එයට ප්‍රතිචාර දැක්වූ නාලක කොලොන්නේ මහතා තම ඇඟ බේරා ගැනීම සඳහා කියා සිටියේ මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වූ චරතුරිකා සිරිසෙන  කල බවත්ය.

මෙම පුවත එම ගුරුවරු දෙදෙනාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් ගෙන් අපි ලබාගත්  තොරතුරු මත පල කර සිටින බව වගකීමෙන් පාඨක ඔබ වෙත දන්වා සිටිමු.

ආදරණිය වෙබ් අඩවි ක්‍රියාකරුවනි

සත්‍ය සිදුවීම මෙසේ සිදු වුවද මුදල් මත යැපෙන වෙබ් අඩවි සමහරක් ගුරුවරුන් හට සිදුවූ මෙම අසාධාරණය නියෝජ්‍ය විදුහල්පතිවරුන් බව වාර්තා කර තිබුනි. ආදරණිය වෙබ් අඩවි ක්‍රියාකරුවන් ගෙන් හා සමාජ ජාල ක්‍රියාකරුවනි පුවත් වාර්තා කරණයේදී දේශපාලන මත දැරීම කුමක් උවත් පුවත් වාර්තා කරණයේදී නිවැරදි පුවත් වාර්තා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.