අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදු වූ පිපිරීමකින් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.

ග්‍රිනීච් වේලාවෙන් ඊයේ අලුයම 01.00 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර විදෙස් පුවත් වාර්තා කළේ පිපිරීම සිදු වූ ස්ථානයට ගිනි නිවීම් රථ සහ ගිලන් රථ යොමු කර ඇති බවයි.

පිපිරීමත් සමග අධික ශබ්දයක් නිකුත් වූ බව සඳහන්.

පිපිරීම සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇත.

සෙනසුරාදා රාත්‍රී කාලයේදී සිදුවූ මෙම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවූවත්, මෙය වඩාත් ප්‍රබල ජාත්‍යන්තර සබධතාවක් සහිත පිපිරීමක් බව ආණ්ඩුකාර බිල් ඩි බ්ලාසිඕ පවසයි.

තහවුරු නොකර වාර්තාවන්ට අනුව කුණු කූඩයක් තුළ තිබූ බෝම්බයක් මෙම පිපිරීමට හේතු වී තිබේ.

අද අලුයම වනවිටත් නගරයේ කොටස් කිහිපයක් පොලිසීය විසින් වසා දමා තිබූ බවද විදෙස් වාර්තා පවසයි.

නිව්යෝක් නගරයේ 9/11 ප්‍රහාරයට වසර 15ක් ගෙවෙන අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවීම නිසා මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවට එකහෙලා ප්‍රතික්ෂේප කළ නොහැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.