ඉන්දියාවේ බිහාරයේ තරුණියක් තමන්ගේ සහෝදරයන්ගේ කැමැත්තට විරුද්ධව ආදර සම්බන්දෙක පැටලුණා.

මේ සම්බන්දෙ නවත්තන්න කියල ගෙදර අය කරන බලපෑම් හමුවේ මේ තරුණිය මේ සම්බන්ධය නවත්වල වගේ ඉන්නවා.

හැබැයි හොරෙන් ඒ දෙන්නගේ ආදර කතාව ගලාගෙන යනවා.

පසුගිය දා මේ තරුණය මේ තරුණියව බලන්න ගෙදරට එනවා.

ඒ සහෝදරයෝ නැති වෙලාවක.

ගෙදර ගේට්ටුවෙන් ඇතුලේ ඉඳන් මේ තරුණිය ඔහු එක්ක කතා කරනවා.

මේක එක සහෝදරයෙක් දකිනවා.

තරුණය යනකම් ඉඳල තමන්ගේ සහෝදරියට කඩුවකින් පහර දෙන එකයි ඔහු කරන්නේ.

අනෙක් සහෝදරයත් ඊට හවුල් වෙනවා.

තුවාල වෙලා ලේ ගලමින් ඉන්න ඇයව රෝහල් ගත කරන්නේ අසල්වැසියෝ.

පවුලේ ගෞරවය වෙනුවෙන් අයව මරාදමන්න හැදුව කියලයි මේ අයියල දෙන්න කියල තියෙන්නේ.