මේ දිනවල සමාජ ජාල තුල ඉතා ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන්නේ ප්ලාස්ටික් සහල් පිළිබඳව මාතෘකාවයි. කර්මාන්ත හා වානිජකටයුතු අමාත්‍යාංශය යටතේ පවතින  ලංකා සතොස ආයතනය හරහා මෙරටට ගෙන්වා බෙදා හරින ලද මෙම සහල් විශේෂය ප්ලාස්ටික් වලින් තැනු ව්‍යාජ සහල් වර්ගයක් ලෙස හා එය සිරුරට විෂ සහිත සහලක් බවයි ඒ පිළිබඳව පලවන ප්‍රචාර වල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් මෙම සහල් පිසීමෙන් ලැබෙන බත් ඉතාමත් ඇලෙනසුලු බවකින් යුක්ත වන අතර ඒවා ගුලි කර බිම දැමු විට රබර් මෙන් ඉපිලෙන (බම්ප්)  අයුරුද සමාජ ජාල තුල බොහෝ දෙනකු විසින් පලකොට තිබුනා.

අද දිනයේදී මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් විසින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් මේ පිළිබඳව විමසනු ලැබූ අතර එයට පිළිතුරු දුන් අමාත්‍ය වරයා පවසා සිටියේ එම පුවත ව්‍යාජ එකක් බවත් එවැනි හාල් වර්ගයක් මෙරටට රජය විසින් ගෙන්වා නොමැති බවත්ය. මෙය බාස්මති වර්ගයක් වියහැකි වන අතර පිසීමේ ගැටළුවක් නිසා බත් වල ස්වභාවය වෙනස් වීමට හැකියාව ඇති බවත් ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන.