ප්‍රංශයේ නයිස් නුවර උත්සවයකට ට්‍රක් රථයක් කඩා වැදී පුද්ගලයින් 75 දෙනෙකු මිය ගොස් තිබේ.

nice_van_attack

දකුණු දිග ප්‍රංශයේ නයිස්හි ඊයේ පැවති බැස්ටිල් දින සැමරුම් උත්සවයකට පුපුරණ ද්‍රව්‍ය රැගත් ට්‍රක් රථයක් කඩා වැදී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, උත්සව භූමියට ට්‍රක් රථය කඩා වැදී කිලෝමීටර 2ක් පමණ දුරට එය අධික වේගයෙන් ධාවනය කර ඇති බව ය.

එම අවස්ථාවේදී බොහෝ පිරිසක් ගිනිකෙළි සංදර්ශනය නැරඹීමට රැස්ව සිටි බව වාර්තා වේ.

රියැදුරු ට්‍රක් රථය නොනවත්වා ධාවනය කිරීමේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් ඔහු මිය‍ ගොස් තිබේ.

සිද්ධියෙන් 75 දෙනෙකු මිය‍ ගිය අතර 100කට අධික පිරිසක් තුවාල ලැබූහ.

ප්‍රංශ පොලීසිය මෙය සාපරාධකාරී ක්‍රියාවක් බවට සැක පළ කරයි.

විදෙස් ගතව සිටි ප්‍රංශ ජනාධිපති ෆ්‍රන්සුවා හොලන්ඩේ සිද්ධිය සැලවීමත් සමගම ප්‍රංශයට පැමිණ තිබේ.

LEAVE A REPLY