සයිටම් සටනේ පුරෝගාමියෙකු වූ විශ්ව විද්‍යාල ආචාර්යයවරුන්ගේ සංගමයේ කැදවුම්කරු කරාපිටිය වෛද්‍යයපිටයේ ජෙය්ෂ්ට කථිකාචාර්ය විශේෂඥ වෛද්‍යය සාමප්‍රිය පසන් හේවාවසම් මහතා සැබෑ සයිටම් විරෝධී සටනේ සිට මිට සති දෙකකට ඉහතදී වෛද්‍යවරු රෝගීන්ගෙන් ගුටිකන යුගය වැඩි ඇතක නොවේ මින් මතු සයිටම් විරෝධී සටනේ මම නැත යන නිර්භය ප්‍රකාශය කරමින් තමන්ගේම රැහේ එවුන්ගේ සක්කිලි ගති පැවතුම් විවේචනය කිරීමට කශේරුකාවක් තිබීම සතුටට කරුණකි.

විශ්ව විද්‍යාල ආචාර්යවරු සක්‍රියව සයිටම් විරෝධී සටනට පෙළගැස්වුයේ සාමප්‍රිය පසන් හේවාවසම් වෛද්‍යවරයාය.අද ඔහු කල්ගත වුවත් යථාර්ථය ඔහුට අවබෝධ කරගන්නට ලැබීම සතුටකි.GMOA ක්‍රියාකලාපය කිසිදු වෛද්‍යවරයෙක් ඉතිහාසයේ නොකළ විවේචනයක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන සාමප්‍රිය පසන් හේවාවසම් වෛද්‍යවරයා මෙවර කියා සිටින්නේ අවරුදු 80ක් කඩන්න බැරිවෙච්ච GMOA එක පාදෙණිය ප්‍රමුඛ නිලධාරින් මේ වන විට කඩා වෙන්කර අවසන් කර ඇති බවයි.GMOA එකේ දියවීම කාටවත් නැවැත්විය නොහැක එය කොන්ත්‍රාත්තුවක් මත සිදුකල ක්‍රියාවක් බව ඔහු සංවේදීව සටහන් කර තිබේ.6000ක් වෛද්‍යය සිසුන් අද මහපාරේය.අනාගතයේ දවසක වෛද්‍යවරුන් ලංකාවට නැතිවෙනවා.එදාට රෝගීන් අපේ රටේ මිය යනවා . අසරණ දෙමාපියන්ගේ දරුවෝ අද මහපාරවල් වල බඩගානවා.එය කාගේ වුවමනාවක්ද? ඔහු විසින් සියලු වෛද්‍යයවරුන්ගෙන් ප්‍රශ්න කරනවා.බහුතරයක් වෛද්‍යවරු අද GMOA එක ප්‍රතික්ෂේප කර ඇත.GMOA එකේ නිලධාරින් කෝටි ගණන් හම්බකර ඇත.ඒ නිසා GMOA එක කැඩී බිදී ගියත් පාදෙණිය ප්‍රමුඛ කල්ලියට කිසිදු අවුලක් නැත.

GMOA කදවුරේ සිටි සාමප්‍රිය පසන් හේවාවසම් වෛද්‍යවරයා අද විශ්ව විද්‍යාල වෛද්‍යය ශිෂ්‍යයෝ වෙනුවෙන් අවංක වශයෙන් පෙනී සිටියි.පාදෙණිය ප්‍රමුඛ GMOA ත්‍රස්තවාදයෙන් වෛද්‍යය ශිෂ්‍යන් බේරා ගැනීමේ හැකියාව තිබෙන්නේ සාමප්‍රිය පසන් හේවාවසම් වෛද්‍යවරයාටය.හේතුව ඔහු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ කදවුම්කරුය.

ශිෂ්‍යන්ට සැබෑ විසදුමක් ලබාදී GMOA නිලධාරීන්ගේ පාදඩ දේශපාලන සටනෙන් සමස්ත ශිෂ්‍ය ප්‍රජාව බේරාගත්හොත් ඔහු සැබෑ ජනහිතකාමී වෘත්තිය සමිති නායකයෙකු වනු ඇත.හැබැයි පාදෙණිය නම් වූ කට්ට මොලයක් සහිත වෛද්‍යවරයා සමග සාමප්‍රිය පසන් හේවාවසම් වෛද්‍යවරයාට හැප්පීමට හැකිවේයැයි අපි නොසිතමි.එසේ ඔහුට හැකියාවක් ලැබුනොත් ඔහු පාදෙනියට වඩා ප්‍රභල චරිතයකි.එම නිසා පාදෙණිය , සාමප්‍රිය පසන් හේවාවසම් වෛද්‍යවරයා දිය කර හැරීමේ සටන අරබනු ඇත.

අනාගතය දුටු සාමප්‍රිය පසන් හේවාවසම් වෛද්‍යවරයා පාදෙණිය විමල් විරවංශගේ පොත එලි දැක්වීමේ උත්සවයට ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා සමග සහභාගී වීමට ප්‍රථම ඔහුගේ දේශපාලන අරමුණ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනා.පාදෙණිය දැන් දන්නවා සාමප්‍රිය පසන් හේවාවසම් වෛද්‍යවරයා තමන්ගේ දේශපාලන අරමුණ අවබෝධ කරගෙන ඇති බවයි.එම නිසා විශ්ව විද්‍යාල ආචාර්යය වරුන්ගේ සංගමයේ කැදවුම්කරු තනතුරට වෙනත් පුද්ගලයෙකු පත් කර ගැනීමට පාදෙණිය ලගදීම ගේමට බසින බව නියතයි.සාමප්‍රිය පසන් හේවාවසම් වෛද්‍යවරයාට අප ප්‍රකාශ කර සිටින්නේ ඔබට හැකි නම් පාදෙණිය සමග ගැටෙන්න පුලුවන්නම් පාදෙනියගේ ඔබ ප්‍ප්‍රකාශ කරන කුහක දේශපාල අරමුණු පරාජය කර වෛද්‍යය සිසුන් බේරා ගන්න.එදාට අපි සැවොම ඔබ සමග සිටියි.එසේ නොවුනොත් අපට ඔබට කියන්නට තිබෙන්නේ Sorry තමයි යනුවෙනි.