විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය හිස්ටිරිය රෝගෙන් පෙලේන ලකුණු සිසෝප්‍රිනිය(schizophrenia) රෝගය යනු තමාට නොපෙනෙන බලවේගයක් විසින් කනට විවිද අනුබලයන් දෙනබව තමාට ඇසීමයි එසේම රෝගෙන් පෙලෙන පුද්ගලයා එය සත්‍යයක් ලෙස පිළිගැනීමයි. මෙම රෝගෙන් පෙලෙන බොහො අය තමාට දේව අරුදයක් ඇතිබව ප්‍රකාශකරයි. මෙම රෝගය උග්‍ර වූ විට සියදිවි නසාගැනිමහෝ ලගම සිටින අයව ගාතනයට ලක්කිරීම සිදුකරයි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ද තම හිතවත් වෛද්‍යවරුන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇත්තේ අදෘශ්‍යමාන බලවේගයක් තමන්ට මග පෙන්වන බවයි.

පාදෙනිය මහතා තවත් වෛද්‍යවරුන් පිරිසක් සමග දුම්රියෙන් අනුරාධපුර බලා යමින් සිටියදී වෛද්‍යවරුන් සමග මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබේ. තමා සිදු කළයුතු සියලු දේ එම අදෘශ්‍යමාන බලවේගය විසින් පෙන්වා දෙන බවත් තමා කටයුතු කරන්නේ එම අදෘශ්‍යමාන බලවේගය ලබාදෙන උපදෙස් මත බවත් ඔහු හිතවත් වෛද්‍යවරුන් සමග පවසා තිබේ.
පාදෙනිය විශේෂඥ වෛද්‍යවරයා අවධාරණයෙන් පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පත්වන බව අදාල අදෘශ්‍යමාන බලවේගය පැවසූ බවයි. අදෘශ්‍යමාන බලවේගය පෙන්වා දෙන පරිදි මහින්ද නැවත රජවුවහොත් තමා ඔහුගේ ප්‍රධාන සෙනෙවියා වන බව පාදෙනිය සිය හිතවත් වෛද්‍යවරුන් සමග පවසා තිබේ.
මහින්ද යුගයේ වෛද්‍ය වුර්තියට පමණක් අදාල කරු සදහා වැඩ වර්ජන සිදුකල රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද සැම වැඩවර්ජනයක්ටම අනුබලදීම පාදෙනියගේ සිසෝප්‍රිනිය(schizophrenia)රෝගේ එක ප්‍රතිපලයක් බව සමහර  වෛද්‍යවරුන් පවසයි.
 98% වෛද්‍යවරුන් ජනවාරි 08 යහපාලන ආණ්ඩුව හදන්න චන්දය පාවිච්චි කලබව රහසක් නොවෙයි.එදා පාදෙණිය මහින්ද රාජපක්ෂට චන්දය දෙන ලෙස වෛද්‍යවරුන්ට sms පණිවිඩයක්  පවා යවා තිබුණි. මහින්ද රාජපක්ෂගෙන් සුක විහාරය ගත්  වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නිලදාරී සැබැ වෛද්‍යවරුන්ගෙ මතය ජනාධිපති තුමාට නොපෙන්වමින් සංගමේ නිලදාරීන් සමස්ත  වෛද්‍යවරුන් මතය යටපත් කරමින් මහින්ද වෙනුවෙන් පෙනිසිටි බොහො වෛද්‍යවරුන් පාදෙණිය හදුන්වන්නේ පවාදෙනිය යන නමින්.
 එනම් 98% වූ   වෛද්‍යවරුන්ගෙ මතය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාවාදෙන නිසයි.
පසුගිය දිනෙක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභපතිවරයාට පිස්සු බවයි.