අද දින පැවති පාද යාත්‍රාව වෙනුවන් රුපියල් මිලියන දහඅට හමාරකට ආසන්න මුදලක් වැයවුණු බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටී.මේ වෙනුවෙන් පසුගිය දින කිහිපය පුරාම මහින්දානන්ද, ජොන්ස්ටන් සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් තම රජය සමයේ ප්‍රතිලාභ ලැබූ වියාපාරික හිතවතුන්ගෙන් මුල්‍යමය ආධාර එකතු කරමින් සිටි බවද වාර්තාවේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ඇක්සස් ආයතනයේ හිමිකරු වන සුමල් පෙරේරා විසින් මිලියන 30ක් පමණ ලබා දී ඇති අතර, මාධ්‍ය කටයුතු සදහා වන සියලුම ආවරණයන් සහ මුල්‍යමය වශයෙන් වන මිලියන 40ක අනුග්‍රාහකත්වයක් දෙරණ ආයතන ප්‍රධානි දිලිත් ජයවීර විසින් ලබාදී ඇත්තේ පසුගිය 13 වනදා ගෝඨාභය රාජපක්ෂ සමග පැවති දීර්ඝ සාකච්චාවකින් අනතුරුවය. මෙහිදී නවලෝක සමුහ වියාපාරයෙන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප වීම විශේෂත්වයකි. මීට අමතරව ජොන්ස්ටන් මන්ත්‍රීවරයා විසින් මිලියන 12ක් ලබාදී ඇති බවට දැනගන්නට ඇත. මෙලෙස මුල්‍යමය වශයෙන් ශක්තිමත් වීමට ඇති හැකියාව පිලිබඳ ඇත්තෙන්ම තමන් විමතියට පත්වන බව ඒකාබද්ධ විපක්ෂ ක්‍රියාකාරීන්ද පවසා සිටින්නේ.

අද දිනයේ වියදම පහත අයුරින් බෙදී ගිය බව දැක්වෙන එක්සෙල් දත්ත සටහනක් ද අප වෙත ලැබී තිබෙනවා. මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ සමාජජාල ක්‍රියාකාරීන් අතර මෙම මුදල් බෙදීයාම පිලිබඳ යම් ගැටලුකාරී තත්වයක් ඇතිවී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස අප වෙත මෙම දත්ත සටහන ලැබී ඇත. දැනට පෙනෙන්නට තිබෙන තත්වය අනුව මෙතරම් විශාල මුදලක් වැය කරමින් පැවැත්වූ ලෝකයේ එකම පාගමන ලෙස වාර්තා අතරට එක්වීමටද ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට හැකියාවක් ඇත.

 

13874964_10154201264821488_251907275_n

LEAVE A REPLY