මීට පෙර  අප වෙබ් අඩවියෙන් වාර්තා කර සිටියේ පාද යාත්‍රාවේ පළමු දින වියදම මිලියන 18.5ක් බවයි. තවදුරටත් අප කල විමර්ශණයන් වලදී දැනගන්නට ලැබුනේ පාද යාත්‍රාවේ මුළු දින පහ සදහාම මිලියන 85 කට ආසන්න මුදලක් වැයවී ඇති බවයි.පාද යාත්‍රාවට කලින් දිනයේ කෙහෙළිය මන්ත්‍රීවරයාගේ නිවසට එකතුවූ මහින්ද රාජපක්ස මහතා  ඇතුළු ඒකාබද්ධයේ අනෙකුත් ප්‍රධාන මන්ත්‍රීවරු මධුවිතෙන් සප්පායම් වී ඇති අතර මෙහිදී සියල්ලන්ගේම සිනහව මැද මහින්දානන්ද මන්ත්‍රීවරයා පවසා ඇත්තේ “අපෙන් කාපු උන් ඉන්නකන් අපිට පද යාත්‍රා 100ක් උනත් කරන්න පුළුවනි” යනුවෙනි.

පාද යාත්‍රාව සදහා ප්‍රධාන වශයෙන් මුල්‍ය දායකත්වය ලබාදී ඇත්තේ ඇක්සස් සමාගමේ සුමල් පෙරේරා සහ දෙරණ ආයතනයේ දිලිත් ජයවීර යන රාජපක්ෂ ආණ්ඩුවේ මහා ඩීල් කාරයන් විසිනි.මොවුන් විසින් පිළිවලින් මිලියන 30ක් සහ 40ක් ලබාදී ඇති අතර, මන්ත්‍රීවරුන් අතරින් වැඩිම දායකත්වය වන මිලියන 12ක් ලබාදී ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසිනි. මිලියන 3ක් වන ඉතිරි පිරිවැය සහ යම් යම් පහසුකම් සපයාදීම් නාමල්,රෝහිත, මහින්දානන්ද,ලොහාන් ප්‍රමුක මන්ත්‍රී කණ්ඩායම විසින් දරා ඇත.තවද දෙරණTV සහ නෙත්FM මෙම දින කිහිපය මුළුල්ලේ තම මාධ්‍ය ආයතන පාද යාත්‍රාවේ ප්‍රචාරණය වෙනුවෙන් මෙහෙයවනු ලැබුවේ, මහින්දගේ නියෝගයෙන් බව එය දෙස බලා සිටි ඕනෑම පොඩි දරුවෙකුට පවා වැටහෙනු ඇත.රාජපක්ෂ සමයේ ජනතාවට බර පටවා ඇති තරම් තම සාක්කු පුරවාගත් මෙවන් ආයතන නැවත මහින්ද ආගමනයක් වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීම මවිතයට කරුණක් නොවේ.

තවද මෙහිදී කැපී පෙනෙන කාරණය වන්නේ මහින්ද ප්‍රමුක කණ්ඩායම මෙවන් කර්තව්‍යන් සදහා යොමු කරවන විමල්,ගම්මන්පිල,වාසු,දිනේෂ් ඇතුළු පිරිස සත පහකවත් වියදමක් නොමැතිව අනුන්ගේ පහනින් එළිය බලා, බංකොලොත්වී ඇති තම දේශපාලනය ගොඩදා ගැනීමට ක්‍රියා කිරීමයි.ආණ්ඩුවක් ලබා ගැනීම පේන මානයකවත් නොමැතිව,ජනතාව අවුස්සමින් මොවුන් මේ බලාපොරොත්තු වන්නේ නැති ජන බලයක් පෙන්වමින් ඔවුනට එරෙහිව ඇති දුෂණ චෝදනා වලින් බේරීමට පොටක් පාදා ගැනීමටය. ඒ වෙනුවෙන් මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කිරීමට ඔවුනට හැකියාවද ඇත.ඉදිරියේත් මෙලෙස මහා පරිමාණයෙන් මුදල් වියදම් කරමින් ජන රැළි රැසක් පැවැත්වෙනු ඇත, එහෙත් මෙහිදී ඒකාබද්ධ විපක්ෂය තේරුම් ගත යුතු කරුණ වනුයේ බත් පැකට් එකට, අරක්කු බෝතලයට ජන මතය වෙනස් කල නොහැකි බව පසුගිය මැතිවරණ දෙකේදීම ශ්‍රී ලාංකීය ජනතාව පසක් කර ඇති බවයි.

පාද යාත්‍රාව පැවති දින 5 තුළ වියදම් සටහන පහතින් දැක්වේ.

 

 

පළමු දිනය – 18.5 මිලියන ,දෙවන දිනය – 12 මිලියන, තෙවන දිනය – 13.5 මිලියන, හතරවන දිනය – 17 මිලියන, පස්වන දිනය – 23.5 මිලියන = සම්පුර්ණ වියදම – 84.5 මිලියන

LEAVE A REPLY