ලොව පුරා ජනතාව උමතුවෙන් මෙන් රස විදින , ලොව විශාලතම හා ජනප්‍රියම ක්‍රීඩා ඉසව්ව වන පාපන්දු ලෝක කුසලානය ලබන වසරේ රුසියාවේදී ආරම්භ වනවා . ඒ සදහා කණ්ඩායම් තෝරා ගැනීමේ තරග මේ දින වල සිදු වෙනවා.

පසුගිය 2014 පාපන්දු ලෝක කුසලානයේ අනුශූරතාවය දිනු , කාළයක් තිස්සේ ලොව හොදම අන්තර්ජාතික කණ්ඩායම ලෙස වැජබුනු ආර්ජන්ටිනා කණ්ඩායම මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම පවා අවදානමක මතුව තිබුනා, පාපන්දු ලෝක කුසලානය දෙවරක් දිනා තිබෙන , ලොව හොදම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන ලයනල් මෙසි ක්‍රීඩා කරන , පසුගිය වසර ලෝක අනුශූරයන් මෙවර ලෝක කුසලානයට සුදුසුකම් නොලැබීම ආ‍ර්ජන්ටියානුවන්ට් මෙන්ම ලොව පුරා පාපන්දු රසිකයන්ට විශාල පහරක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දිගින් දිගටම සුදුසුකම් ලැබීමේ තරග කිහිපයක් පරාජය වී සිටි ආර්ජන්ටිනාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවසාන අවස්තාව ලෙස අද ඉක්වදෝර කණ්ඩායම සමග තරග වැදුනා. ආර්ජන්ටිනා කණ්ඩායමට ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලැබීමට නම් අද තරගය ජයග්‍රහනය අනිවාර්ය වූවා.

ලොවෙහිම අවදානය දිනා ගත් තරගය එලෙස ඇරඹුනු අතර තරගයේ පළමු මිනිත්තුවෙහිම ගෝලයක් රැස් කළ ඉක්වදෝර කණ්ඩායම තරගයේ වාසිය සියතට ලබා ගත්තා, කෙසේ නමුත් ජාතියක වගකීම් උර තබා ගෙන ක්‍රීඩා කළ විශිෂ්ඨයා , ලයනල් මෙසී ඉන්පසු හුදෙකලාව තරගය ආර්ජන්ටිනාවට දිනවා දීම ඇරඹුවා, ලොව පුරා පාපන්දු රසිකයන් මවිත කල මෙසී ගෝල ත්‍රිත්වයක් රැස් කරමින් ආර්ජන්ටිනා කණ්ඩායම ජයග්‍රහනය කරවූ අතර ඒ අනුව ආර්ජන්ටිනාව ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා.

මෙම අවස්තාව ආර්ජන්ටියානු ජනතාවට මහත් සංවේදී වූ අතර වීදි වලට පැමිණ ඔවුන් එම ජය සමරන අයුරු අන්තර්ජාතීක මාධ්‍ය වාර්තා කර තිබුනා. ආර්ජන්ටියානු පාපන්දු සංගමයේ සභාපතිවරයාද කදුලු පිරි දෙනෙතින් දේශයේ වීරයා ලයනල් මෙසී වැළද ගත් අතර , එම අවස්තාවද සංවේදී අවස්තාවක් වූවා..

මෙම ජයග්‍රහනයත් සමග ලොව පුරා ක්‍රීඩා රසිකයන් සහ විචාරකයන් අදහස් දක්වා තිබුනේ ආර්ජන්ටිනාව යනු හුදෙක්ම ලයනල් මෙසී බවත් , ආර්ජන්ටිනා කණ්ඩායම රදා පවතින්නේ ලයනල් මෙසී මත පමණක් බවය. ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පළවූ එම අ‍ර්ථය ලබා දෙන නිර්මාණයක් පහතින්