බණ්ඩාරවෙල නගරයේදී සිදු වූ සිදුවීමක ජයාරූපයක්  ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ කතා බහට ලක්ව තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙකුට අයත් ඩිෆෙන්ඩර් රථයක් නගරය පුරා නීති කඩමින් ගමන් කල විට එය දුටු පොලිස් නිලධාරියෙක් අමාත්‍යවරයාගේ ඩිෆෙන්ඩර් රථය නවත්වා එම වරදට දඩ කොලයක් ලබාදුන් බවයි. එම පොලිස් නිළධාරීයා සාමාන්‍ය ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පැරෂුට් යන නාමයෙන් බවත් වරක් තමන්ගේම ‍යතුරු පැදිය හෙල්මටයක් නොපැලද පැද ආ සිය සොහොයුරාටම ඔහු දඩ කොළයක් ලියු පුවතක්ද වාර්තා වනවා. නමින් සහකාර පොලිස් පරීක්ෂක බණ්ඩාර වූවත් ඔහු පැරෂූට් ලෙස හදුන්වන්නේ නිතර ලැබෙන ස්ථාන මාරූවීම් නිසා බවද අපට වාර්තා උනා.

සිදුවීම දුටු පිරිස් පවසන්නේ මෙම රථය අමාත්‍යවරයෙකුට අයත් VIP රථයක් වීම හේතුවෙන් මාර්ග නීති පිලිබදව කිසිදු තැකීමකින් තොරව නගරයේ ගමන් ගත් බවයි.

බොහො දෙනා සදහන් කර තිබුනේ තමන් ජීවිතය කාළය තුල දුටු නිර්භීතම පොලිස් නිළධාරීයා එම දඩ කොළය ලබා දුන් පොලිස් නිළධාරීයා බවයි.

ෆේස්බූක් වෙබ් අඩවියේ පළව තිබූ සටහන පහතින්

සහකාර පොලිස් පරීක්ෂක බණ්ඩාර රාජකාරීයේ යෙදි සිටින අවස්තාවක්

පැරෂූට් නොහොත් සහකාර පොලිස් පරීක්ෂක බණ්ඩාර