පසුගිය දිනක සිදු වූ ආන්දෝලනාත්මක කතාවක් තමයි කොරියාවේදී පියුමිට කෙසෙල් වලින් ගැහුවා කියන කතාව.. ඒ කතාවට සැරෙන් උත්තර දුන්න කෙනෙක් තමයි පිං පොන් කියන්නේ. එසේත් නැත්නම් රජිත හිරාන් කියන්නේ. කෙසේ වෙතත් පසුව සැරෙන් කතා කල පිං පොන් නැවතත් ඉරාජ්ගෙන් සහ පියුමි හංසමාලිගෙන් සමාව ඉල්ලා තිබුනා. සමාජ ජාලා අතර සංසරණය වුන ඒ වීඩියෝ මේ වන විටත් ඔබ නරඹන්නට ඇති. සැරෙන් කතා කල පිං පොං උත්තරයක් විදිහට පියුමි හංසමාලිත් ඇයගේ මුහුණු පොතෙන් මෙලෙස සැරට උත්තර දීලා තිබුනා. මෙය පියුමි හංසමාලිගේ මුහුණු පොතේ පල කල සටහනකින් උපුටා ගැනුණකි.

ඇය දැක් වූ අදහස පහතින්…

”පිංපොං…ඔබේ තත්ත්වේ ඉතාමත් දරුණු අතට හැරි ඇත. වාහාම ගොස් වෛද්‍යයවරයෙකු මුණ ගැහෙන්න. පිරිමිකම කියන්නෙ ඕකට නෙවෙයි.

ඔබට මම කෝල් කර, ඔබ දැමු වීඩියෝව ඉවත් කරන ලෙස කිසිසේත් කිවේ නැත. ඔබ සමග කතා කළ සියල්ල මාගේ ජංගම දුරකතනයේ record වී ඇත. මෙතෙක් වෙලා මේ සියල්ල බලා සිටියේ ඔබට බයේ නොව, ඔබ වැනි ගොං ⁣ජෝක් facebook හරහා දෙන මිනිසෙකු සමග වාද වී මාගේ කාලය නාස්ති කිරිමට මා අකමැති නිසා ය.

ඔබ facebook වීරයෙක් වෙන්න ගිහින් මේ වනවිට බලු වී ඇති බව ඔබ හොඳාකාරවම දන්නා කරුණකි. මද වෙලවෙක් ඉවසන්න සිංහ නාද බලු කෙඳිරි සියල්ල මා තව සුලු වෙලාවකින් අන්තර්ජාලයට මුදා හරිනවා.

රටේ සිටින මාගෙ සිසලු රසික රසිකාවින් මේ සැම දේම දැන ගත යුතුයි. මා යනු ඔබ වාගේ අනුන්ගෙන් ජීවත්වන කෙනෙකු නොව, මෙය පවසන්නේ මාගේ අදහස නොවෙයි. ඔබ කතා කරන ලද video එකේ ඔබ සඳහන් කර ඇත. ඔබට කන්න බොන්න, අඳින්න ඇඳුම් පැලඳුම්, වාහන සියලු දේ දුන්නෙ ඔබෙ යහලුවන් බව.

මා සමග ඔබට විසඳා ගැනීමට දෙයක් ඇතිනම් facebook හරහා public videos නොදා කොන්ද පණ ඇති පිරිමෙක් ලෙස මා මුණ ගැසි, සියලු දේ විසඳා නිරාකරණය කිරිමට මා ඔබට ආරාධනා කරමි!!!! Thank you ( Piumi Hansamali )”