පියුමි හංසමාලි සමග සමීපව පෙනී සිටින ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් www.andaharaya.com වෙත අදහස් දක්වනු ලැබුවා.

අප වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේ අදාළ කටයුත්ත සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගැනීමට සුදානම් වන බවයි.

ඔහු අප වෙත සඳහන් කළේ මෙම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවලට නිකුත් කර ඇත්තේ භාරත ඝාතන නඩුව සමාජ ජාලවල ජනප්‍රිය වීම වැළක්වීම සඳහා බවයි.මෙම ඡායාරූප සංස්කරණයකරන ලද ඡායාරූප බව ඕනෑම කෙනෙකුට පෙනීයන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ පිළිබඳව ද තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කළා.

මීට පෙර හිරුණිකා,නදීෂා සහ රිතූ ආකාර්ෂා සමග සම්බන්ධ කර ගනිමින්ද තමන්ට මඩ ප්‍රහාර එල්ල කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තමගේ කට නිසා එවැනි ප්‍රහාර එල්ලවීම වැළක්විය නොහැකි බවයි හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා රහස් පොලිසිය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

14287651_916386471801362_418585217_n

 

 

LEAVE A REPLY