මෙරට පිරිමි පුද්ගලයින් සියදිවි නසාගැනීම් ප්‍රමාණය  ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ ‍වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දත්තවලට අනුව වාර්ෂිකව ලක්ෂ 8 ක පිරිසක් සියදිවි නසා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වන බවත්, ශ්‍රී ලංකාව ලෝක සියදිවි නසා ගැනීම් අතර 22 වන ස්ථානයේ පසුවන බවත්, සඳහන්ය.

එමෙන්ම පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 3000ක් පමණ සියදිවි නසාගෙන ඇති අතර ඔවුන්ගේ බහුතරය පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබේ.

සියදිවි නසා ගැනීම් පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී  ප්‍රවෘත්තියක් ලෙස වාර්තා නොකර අවවාදාත්මක ස්වරූපයෙන් එම පුවත් වාර්තාකිරීමේ වැදගත්කම ද සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මෙහි දී අවධාරණය කර ඇත

LEAVE A REPLY