මිනිස් පරිභෝජනයට නුසුදුසු මේද අම්ල අඩංගු වන පාම් ඔයිල් කන්ටේනර් 24ක් ශ්‍රී ලංකා රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට ආනයනය කර ඇත.

මෙරටට පාම් ඔයිල් ගෙන්වන ප්‍රසිද්ධ සමාගමක් විසින් ගෙන්වා ඇති මෙම කන්ටේනර් 24ම මේ වනවිට රේගු නිවාරන අංශය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත.

එම ඔයිල්වල අඩංගු මේද අම්ල ප්‍රතිශතය සියයට 23කි. මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳ‍පොළට නිකුත් කිරීමේ අදහසින් පිරිපහදු නොකරමින් ගෙන්වන ෆාම් ඔයිල්වල අඩංගු විය යුතු මේද අම්ල ප්‍රමාණය සියයට 5කි. පිරිපහදු කිරීමෙන් පසුව වෙළෙඳ‍පොළට නිකුත් කිරීමේදීද මේද අම්ල ප්‍රමාණය 0.1ක් විය යුතුව ඇත. පරීක්ෂාවට ලක්ව නැ : මෙරටට පාම් ඔයිල් ගෙන්වීමේදී එම ෆාම් ඔයිල්වල සාම්පල් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යවා පරීක්ෂණ කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

නමුත් මෙම පාම් ඔයිල් කන්ටේනර්වල සාම්පල් ප්‍රමිති ආයතනයේ පරීක්ෂාවට ලක්ව නැත. ඊට හේතුවී ඇත්තේ ඇසිඩ් වර්ගයක් මෙරටට ගෙන්වන බවට සඳහන් ව්‍යාජ තොරතුරු රේගුවට ඉදිරිපත් කිරීමයි. මෙසේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් රේගුවට රුපියල් මිලියන 755ක රේගු ආදායමක් අහිමිව ඇත.

සිද්ධිය අනාවරණය වීමත් සමග රෝග නිවාරන අංශය පාම් ඔයිල් සාම්පල් විශේෂඥයින් ලවා පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී හෙළිව ඇත්තේ මෙතරම් මේද අම්ල ඇති පාම් ඔයිල් මිනිස් පරිභෝජනයට සුදුසු අයුරින් පිරිපහදු කළ නොහැකි බවයි. ශ්‍රී ලංකා රේගුව මේ සම්බන්ධයෙන් මැ‍ලේසියාවේ පාම් ඔයිල් මණ්ඩලයෙන් තොරතුරු විමසා ඇත. ඊට පිළිතුරු වශයෙන් මැ‍ලේසියානු පාම් ඔයිල් මණ්ඩලය එවා ඇති ලිපියේ සඳහන් වන්නේ කර්මාන්ත කටයුතු සඳහා යොදා ගැනෙන පාම් ෆැටි ඇසිඩ් ( palmfaltty acid) ශ්‍රී ලංකාවට අපනයනය කරන බව එරටට දැනුම් දී ඇති බවයි. රේගු නිලධාරීන්ට බලපෑම් කරමින් කන්ටේනර් මුදා ගැනීමට එම ආයතනය උත්සහ දරන බවද පැවැසේ.

අභියාචනාධිකරණයේ නඩුවක් මේ අතර පිළිකා, හෘද රේගු ඇතුළු බෝ නොවන රෝග රැසකට මඟ පාදන මෙම පාම් ඔයිල් කන්ටේනර් 24 ප්‍රසිද්ධියේ විනාශ කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. පාම් ඔයිල් ගෙන් වූ සමාගම වෙළෙඳනාමයක් යටතේ වෙළෙඳ‍පොළට තෙල් නිකුත් නොකරන අතර තොග වශයෙන් මිලදී ගැනීම් පහසුකම් සලසන සමාගමකි.

2012 වසරේ සිට මෙම වැඩපිළිවෙළ දියත්ව ඇති අතර මොවුන්ගේ නිෂ්පාදන මුළු රට පුරා ව්‍යාප්තව ඇතැයිද රේගු නිලධාරීන් සඳහන් කරයි

 

LEAVE A REPLY