පුත්තලමේ අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනය සමඟ එම ප‍්‍රදේශය ජාතික සම්පත් මධ්‍යස්ථානයක් බවට පත් කරන බවත් ඒ තුළින් රටේ කැලි කසළ ගැටළුවට පිළියම් ලැබෙන බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අද(26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
‍මෙම ව්‍යාපෘතිය එළඹෙන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
මෙම ව්‍යාපෘතිය අසාර්ථක කිරීමට විරෝධතා අය සිටී නම් ඒ අය මෙම කොළඹ කුණු සහ ඒවයින් ඇතිවන ගැටළුවලට වගකිව යුතු බවත් එම නිසා ඔවුන් සියලූම දෙනාගෙන් මේ සඳහා සහය ඉල්ලා සිටින බවත් චම්පික රණවක අමාත්‍යවරයා පැවසීය.
පුත්තලමේ ඉදි කිරීමට බලාපොරොත්තු වන මෙම ජාතික මට්ටමේ සම්පත් කලාපය කිසි සේත්ම තවත් එක් කුණු ගොඩක් පමණක් නොවන බවත් එය කසළ උද්‍යාදනයක් බවත් අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.
එහි සියලූම අංගෝපාංගයන් ඇති බවත් කඩදාසි ප‍්‍රතිචක‍්‍රීයකරණය, ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වෙන් කිරීම ආදී සම්පත් ම්‍යස්ථානයක් එහි ඉදි කරන බවත් එය පුත්තලමෙන් ආරම්භ කරන බවත් එය සාර්ථක වුවහොත් සෙසු ප්‍රදේශවලට රැගෙන යන බවත් පැවසීය.
කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය සාර්ථක්වයට පත් වුවහොත් 2019 වසරේ දී කසළ එම රඳවනයේ තැන්පත් කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
https://youtu.be/231FA_qQMEI