මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට  මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේය.

ඒ අනුව නඩුව නැවත ලබන අගෝස්තු 10 වනදා කැඳවීමට නියෝග කෙරුණා.

ජාතික බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් 2014-04-09 වන දින කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට බාධා කිරීම හා කුරානයට අපහාස කිරීම යන පැමැණිලි සම්බන්ධයෙන් ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.