අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත වී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ(15) පස්වරුවේ කතරගමට පැමිණි අග්‍රාමාත්‍යවරයා කිරි වෙහෙර වැඳපුදාගෙන අශ්ඨපළ බෝධිය වෙත ගොස් බෝධි පූජාවක් ද පැවැත්වූ බවයි.

අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම මහ දේවාලය වෙත ගොස් පූජාවක් පවත්වා දේවාශීර්වාදය ලබාගැනීමෙන් අනතුරුව කතරගම ඇසළ පෙරහැර නැරඹීමද සිදුකර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට(17) දිනයේ සිංගප්පූරුව බලා පිටත්වයාමට නියමිතය.

තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවට සහභාගීවීම මෙම සංචාරයේ අරමුණ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ලබන 18 සහ 19 යන දෙදින තුළ සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේදී මෙම සමුළුව පැවැත්වෙයි.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන්කෙං යෑං හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY