යහපාලන රජය පත්වීමට ප්‍රථම දැඩි කතා බහක් මෙන්ම අවශ්‍යතාවයක් ලෙස ප්‍රකාශ වූ අතර ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වත්මන් රජය පත් කිරීමත් සමඟ ආරම්භ කෙරුනා. එහිදී ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් පත් කල අතර ජාතික පොලිස් කොමිසමද ඒ අතර වනවා.

ස්වාධීන කොමිෂන් අතරින් ස්වාධීන පොලිස් කොමිසමෙන් ජනතාව බලාපොරොත්තුවූ දේ සහ අද දින වනවිට එයින් ජනතාවට හා රටට සිදුවන සේවය පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.එයට ප්‍රධාන හේතුවක් වන්නේ පොලිසිය හෑල්ලුවට ලක් කරන වත්මන් පොලිස්පතිවරයා පිළිබඳව මෙම පොලිස් කොමිසම කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමයි.

පොලිස් කොමිසමේ විෂයපථය තුල මෙම පොලිස්පතිවරයාගේ නොමනා හැසිරීම ගැන සහ ඔහු පොලිසියේ කීර්ති නාමය විනාශ කරමින් ජනතාව නීතිය අතට ගන්නා තත්වය දක්වා පැමිණවීම පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ගයක් ඇත්තෙම නැද්ද?

පොලිස්පතිවරයා තම තනතුර යොදාගෙන අනාගත දේශපාලන කැම්පේන් එකක් කරන බවට බොහෝ දෙනා චෝදනා කර සිටිනවා.එයට එක් හොඳම උදාහරණයක් සපයමින් වත්මන් පොලිස්පතිවරයා ඔහුගේ උත්සව ආදිය වෙනත් දේශපාලකයන් හා නළු නිලියන් මෙන් ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදමින් සිටීම දැක්විය හැක.

එමෙන්ම මෙසේ ඔහුට විවේචන එල්ල වීමට හේතුව රටේ අපරාධ රැල්ල මෙන්ම ඝාතන රැල්ල මඩින්නට ඔහු කිසිවක් නොකිරීමත් වංචා දුෂණ වැලක්වීමට කටයුතු නොකිරීමත් පසුගිය පාලන සමයේ දුෂණ චෝදනා එල්ල වූ අයට නිතිය ක්‍රියාත්මක නොකිරීමත් මෙන්ම ජනප්‍රිය වීමට එක් එක් බොරු දේවල් කීමත් නිසායි,

එය සමාජ ජාල තුල විශාල ලෙස මතයක් ඇති කොට තිබෙන අතර සමාජ ජාල මත විමසුම්වලදී පවා පොලිස්පතිවරයා ඉවත් කරන ලෙසට ජනතාව තම හඬ නගන ආකාරය දැකිය හැකිය. ඔවුන් පවසන්නේ පොලිස්පති ධුරය දේශපාලනීකරණය නොකර එම නිලය යොදාගෙන දේශපාලනය නොකර නම්බු පිටින් තනතුරෙන් ඉවත්ව දේශපාලනය කරනවානම් එය සිදු කරන ලෙසය.

සමාජ ජාල තුල මෙන්ම සැබෑ සමාජය තුලද ජන මතය මෙසේ තිබියදී පොලිසියේ ක්‍රියාකාරකම් පිළිබඳව තීන්දු තීරණ ගන්නා ජාතික පොලිස් කොමිසම කිසිත් නොදන්නවා මෙන් නිදාගෙන සිටීම පොලිසියට පමණක් නොව මුළු රටටම හුනියමක් වන්නේය….

තත්වය වෙනස් නොවුන හොත් ජනතාව නීතිය අතට ගන්නා දිනය වැඩි ඈතක නොවන අතර එයට පෙර අවශ්‍ය පියවර ගෙන පුජිත් ගෙදර යැවීමට පොලිස් කොමිසම ක්‍රියා කරනු ඇතැයි ජනතාව විමසිල්ලෙන් සිටී!

උපුටාගැනීම Colombotribune