සුවහසක් බෞද්ධ ජනතාව ආගමානුකුලව වත් පිලිවෙත් සඳහා යොමු වන පොහෝ දිනය දේශපාලනමය වුවමනාකම් පිණිස හා තම බංකොලොත් දේශපාලනය සිදුකිරීම උදෙසා  භාවිතා කරන්නේනම් එය කෙතරම් සෝචනීය තත්වයක්ද?

අප මේ කියන්නට යන්නේ සෑම පසළොස්වක පෝය දිනකම මාධ්‍ය හරහා ජනතාවට පෙනෙන්නට බණ ඇසු අපේ හිටපු ජනාධිපති හා වත්මන් කු.පා. මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පෝය දින ගණන් කරමින් ආණ්ඩු පෙරලීමේ සිහින දැකීම පිලිබඳවය.

පසුගියදා පෝය දෙකෙන් ආණ්ඩු පෙරලීමට සිහින දැක නුවර සිට කොළඹට ආ පිරිසට වින්දනයක් ලබා දීමට රාජපක්ෂ මහතා කල ප්‍රකාශය අද ඔහුටම පාරා වළල්ලක් වි ඇත්තේ පෝය ගනනාවක් ගෙවී ඇතත් ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට නොහැකි වූ පසුබිමක් තුලය. ඒ අනුව ඔවුන් පෝය දෙක වෙසක් පෝය දෙකක් බවට වෙනස් කරගෙන ඇත. අප පවසන්නේ පෝය වලින් නොව ආණ්ඩු පෙරලෙන්නේ මැතිවරණයකින් ජනතාව ලබා දෙන චන්ද සංඛ්‍යාව මත බවයි.

රාජපක්ෂ මහතාට එය තේරුම් ගැනීමට හැකියාව් ඇති බව අප හොඳින් දනිමු…
නමුත් ඔහු පසුපස යන කටට උඩින් මොලයක් නැති අයට වින්දනය ලබා දීමට එක එක කතා කියා මාධ්‍ය හමුවේ රාජපක්ෂ මහතා අපහසුතාවයට පත්වන හැටි දුටුවාම අපටනම් සිතෙන්නේ අනේ පව් කියාය…!