මහා පරිමාණ මූල්‍ය වංචා ඇතුළු සියලුම වංචා, දූෂණ සොයා බැලීම සඳහා බලය හිමිවන බරපතළ වංචා විමර්ශන කාර්යාලයක්‌ පිහිටුවීමේ පනත ඉතා ඉක්‌මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ තීරණයක්‌ අනුව මෙම බරපතළ වංචා විමර්ශන කාර්යාලය පිහිටුවන අතර එමගින් බරපතළ වංචා, දූෂණ පිළිබඳව නීතිපති උපදෙස්‌ අනුව අසීමාන්තිකව පරීක්‍ෂණ පැවැත්වීමේ බලය පොලිස්‌ දෙපාර්තමේන්තුවට හිමිවේ.

මෙම පනත සම්මත වූ පසුව දියුණු රටවල මෙවන් වංචා, දූෂණ මැඬලීමේ ක්‍රමවේදයන්ට ඇති බලය ඉක්‌මවෙන පරිදි පොලිසියට මෙමගින් බලය පැවරීමට නියමිතය.

වත්මන් රජය පොරොන්දු වූ පරිදි පසුගිය පාලන සමයේ මහා පරිමාන වංචා දුෂණ සිදුකල අයට නිසි දඩුවම් නොලැබීම නිසා චන්ද දායකයන් වන මහා ජනතාවද මෙහි ක්‍රියාකාරීත්වයෙන් ජනතා මුදල් අවභාවිත කල පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වන තුරු විමසිල්ලෙන් සිටී…