රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යතා නොසැපිරු වයස අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක් සුපිරි බෙන්ස් රථයක් පදවා අනතුරක් සිදු වූ පුවතක් ඊයේ වාර්තා වුණා.

බම්බලපිටිය පොලීසිය මගින් අදාල බාල වයස්කරු අත්අඩංගුවට ගෙන තිබු අතර විවිධ ප්‍රභූන්ගෙන් ඔහුව නිදහස් කරන ලෙසටද පොලීසියට බලපෑම් එල්ල වී තිබුනු අතර පසුව පොලිස් ඇප මත අදාල බාලවයස්කරු නිදහස් ව තිබුනා.

ගැටලුව ඇත්තේ බාලවයස්කරුවකු රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් පදවා අනතුරක් සිදු කලත් ඔහුට හෝ එම වාහනයේ අයිතිකරුවා වෙත නීතිය ක්‍රියාත්මක නොකර ඉහලින් ආ බලපෑම් වලින් පසුව පොලිස් ඇප ලබා දීමය.

අසරණ යතුරුපැදි කරුවන් හා ත්‍රිරෝද රථ ළඟ සිංහයින් මෙන් හැසිරෙන නීතිය බලය ඇති තැන මෙසේ බලු වනවා නම් පොලිසියක් කුමකටද යන ගැටලුව රටේ පුරවැසියන් වන අපට හැගේ.

කෙසේ නමුත් අදාළ සුපිරි බෙන්ස් රථයේ ලියාපදිංචි තොරතුරු සොයා ගැනීමට  අපට හැකිවූ අතර මෙම රථයෙ හිමිකාරීත්වය දැනට ඇත්තේ පෞද්ගලික බැංකුවක් සතුවයි.

එම රථයේ ලියාපදිංචි තොරතුරු පහතින්