හිටපු  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන අගෝස්තු 01 වැනි දා වන තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ නියෝග කළේය.ඒ දිවිනැගුම අරමුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදියි.පසුගිය රජය සමයේ වංචා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් තෙවැනි අවස්ථාව ලෙසට සටහන් වෙමින් ඔහු බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.
මේ අතර දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36.5 ක් පසුගිය ජනපතිවරණයේ දී මැතිවරණ වැඩට ගැනිමේ අරමුණින් අවසරයකින් තොරව පළාත් පාලන ආයතනවලට බෙදා දුන්නැයි දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවක මහතාටද එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය අධිකරණයට එහිදී දන්වනු ලැබුවා.
හිටපු ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව දිවිනැගුම අරමුදල් වංචා කිරීම සම්බන්ධව චෝදනා එල්ල වූ බි වාර්තාව පහත දැක්වෙනවා.
IMG_0668
IMG_0667