දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණය විසින් කල් දමා තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමට නියමිතව තිබුණි.

එහෙත් නඩුවේ එක් විත්තිකරුවෙකු වන දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා රිමාන්ඩ් භාරයේ පසුවන බව රජයේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව චෝදනා පත්‍ර කියවාදීම ඔක්තෝබර් මස 19 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණය තීරණය කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසුවේය.

LEAVE A REPLY