හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මීට ටික වේලාවකට පෙර යළි ත් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ, දිවි නැගුම අරමුදල් යොදා ගනිමින් ප්ලාස්ටික් බට මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව ය.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට ටික වේලාවකට පෙර ඇප නියම කළේ ය.

ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු‍ණේ, රුපියල් මිලියන 70ක ගණුදෙනුවක් සම්බන්ධයෙනි.

නඩුව අද කැඳවු අවස්ථාවේ රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත නාමල් රාජපක්ෂ මහතා මුදා හැරියේ ය.

LEAVE A REPLY